රට ගොඩනැගීම සඳහා තමා සමග එක්ව කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දෙමළ ජාතික සන්ධානය සමග පැවති සාකච්ඡාවකදී ඔවුන්ට ආරාධනා කල බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මාධ්‍ය වෙත පැවසීය.
මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එකඟවූ කරුණු පැහැදිලි කල සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ…..,
“… වහාම කරන්න පුළුවන් දේවල් කිහිපයක් තියෙන බව අපි පිළිගත්තා. පළමුවෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලීනව රඳවාගෙන සිටින අය නිදහස් කිරීමට අධිකරණ ඇමතිතුමා සහ මම එකතුවෙලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන්න එකඟ වුණා. දෙවනුව ඉඩම් ප්‍රශ්නය. උතුරු – නැගෙනහිර ජන සංයුතිය වෙනස් කිරීමේ මුවාවෙන් ඉඩම්වල සිදුකරන සියලුදේ නතර කරන්න සහතික වුණා. උතුරු – නැගෙනහිරට විශේෂ සංවර්ධන අරමුදලක් පිහිටුවන්න පියවර ගන්නවා. ඒ තුළින් ඩයස්පෝරා ආයෝජන ගේන්න අපි කටයුතු කරනවා. රජය ඒකට අවශ්‍ය වාතාවරණය සකස් කරන බව කිව්වා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...