පාකිස්ථාන අගමැති ඉම්‍රාන් ඛන් මහතාට එරෙහි ව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංගය අද පාකිස්ථාන ජාතික සභාව හෙවත් පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට ලක් කෙරෙන බව එරට මාධ්‍යය වාර්තා කර සිටී.
පාකිස්ථානු ජාතික සභාවේ මහලේකම්වරයා විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ පහළොස් වැදෑරුම් න්‍යාය පත්‍රයට මෙම විශ්වාසභංගයද ඇතුළත් බව එරට මාධ්‍යයන් වැඩිදුරටත් පවසා සිටියි.
පාකිස්ථානු විපක්ෂය විසින් අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව විස්වාසභංගයක් ඉදිරිපත් කර ඇත්තේ රට තුළ ආර්ථික අර්බුදයක් ඇතිවීමට හා උද්ධමනය ඉහළ යාමට පාලක සන්ධානයේ ප්‍රතිපත්ති මුල්වී ඇති බවට චෝදනා කරමිනි.
ආසන 342කින් යුත් පාකිස්ථාන ජාතික සභාව තුළ විශ්වාසභංගය සම්මත කිරීමට නම් අවම වශයෙන් මන්ත්‍රීවරුන් එක්සිය හැත්තෑ දෙදෙනෙකු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතු වේ.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන තෙහෙරික් ඊ ඉන්සාෆ් පක්ෂයට ආසන 155ක් හිමිව ඇති අතර, එම පක්ෂයට සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් 23 දෙනෙකුගේද සහාය පළ වන බවද එම මාධ්‍යය වාර්තා පවසා සිටියි.
කෙසේ නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවස්න්නේ ඡන්ද විමසීම අතර තුර පාලක සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හෝ විපක්ෂයට එක්විය හැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...