දේශීය පුවත්

වංචනිකයන් රැසක් එක් වී සර්ව පාක්ෂික සමුළු පැවැත්වුවද ඉන් මෙරට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අම්පාර ප්‍රදේශයේ පැවති “බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම” නමින් ජාතික ජන බලවේගයේ අම්පාර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් සඳහන් කළේය.

“…. මේ සිද්දවෙමින් තිබෙන දේ ගැන දන්නවා. දැන් අපිට ඕන වෙලා තිබෙන්නේ මේකෙන් අපි ගැලවෙන්නේ කොහොමද. දැන් මම දැක්කා ගැලවෙන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳවලා තියෙනවා. මම හිතුව කට්ටිය වාඩි වෙලා මේ විදියට කරයි කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තය කියනවා. මහ බැංකු බැදුම්කරයෙන් මෙච්චර ගැහුවා ඕං එව්වා. කබ්රාල් කියනවා සේවක අර්ථසාදක අරමුදලේ මෙච්චර විනාශ කළා, ග්‍රීසියේ සල්ලි දාලා මෙච්චර විනාශ කළා, අමෙරිකන් කාරයෙකුට සල්ලි දීලා මෙච්චර විනාශ කළා. ඔන්න එව්වා. මේසෙ උඩ තියනවා. මෛත්‍රීපාල සිරිසේනට කියන්න පුළුවන් ජනාධිපති වෙලා ගෙදර යනකොට කෝටි 800ක් වටිනා ගෙයක් ලියාගත්තා මේං ඒක ආපහු. බැසිල් රාජපක්ෂට කියන්න තිබ්බා මල්වානේ ගෙදර, මාතර බ්‍රවුන්ස් හිල් වල ඉඩම් ලොස් ඇන්ජලීස් වල දේපළ, මෙන්න එව්වා. එහෙමනම් ඉතින් කන්ටේනර් හත අටක් පුරවන්න පුළුවන් ඩොලර් හොයාගන්න තිබුනා. එහෙම නම් මේ අර්බුදයට විසඳුමක් වෙනවා ඔය සර්ව පාක්ෂික සමුළුවෙන්…”

“…. හැබැයි එකක් කියන්නම් ඒගොල්ලෝ ස්වෙච්ඡාවෙන් ඕවා පෙන්නන්නේ නැති බවත් දන්නවා දෙන්නේ නැති බවත් දන්නවා. මේ රට හදන්නේ කවදාහරි ඒ සියල්ල යළි පවරාගෙන. වංචනිකයන් රැළක්. රට විශාල ප්‍රපාතෙකට ඇදපු කණ්ඩායමක්. යළි එකට එකතුවෙලා සාකච්ඡා කරනවා මේ රට හදන්න. ඇත්තට අද අවශ්‍ය වී තියෙන්නේ ඒ කණ්ඩායම් විසඳුම් හොයන එක නෙවෙයි. ඒ කණ්ඩායම පළවාහරින එක. කාටහරි හිතෙනවාද ඒත් සහෝදරයා බැසිල්-රනිල් බැනගත්තා වගේ ටොප් හොඳද.. චිත්‍රපටියකට හොඳයි විකට. රටට වැඩක් නෑ. ඒ නිසා මේ රට ගොඩගන්න අපි නව දේශපාලන කණ්ඩායමක් අතට බලය මාරු කළ යුතුයි….”

යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More