මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට සහ සුඛෝපභෝගී නිවසක් ඉදිකිරීමට රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට නොගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න ගම්පහ මහාධිකරණයට අද (මාර්තු 25) දැනුම් දෙන ලදි.
සාක්‍ෂි දුන් පළමු සාක්‍ෂිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසයට පැමිණිල්ලක් කර නොමැති බවත්, ලබාදුන් කටඋත්තරයේ අත්සන පිළිගත නොහැකි බවත් අනාවරණය වීමෙන් පසු මෙම තීරණයට එළැඹි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
මෙම නඩුව සම්බන්ධයෙන් මින් ඉදිරියට කිසිදු සාක්ෂියක් විභාග නොකරන බවත් එය අද අවසන් කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.
එබැවින් මහාධිකරණය හමුවට කැඳවූ සාක්ෂිකරුවන් නිදහස් කරන ලදි.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා ඉල්ලා සිටියේ අගතියට පත් අය නඩුව අවසන් කළ බැවින් තම සේවාදායකයන් නිදොස් කොට නිදහස් කරන ලෙස කල ඉල්ලීම පිළිබඳ තීන්දුව මැයි මස 13 වැනිදාට කල් තබා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...