“රට ගොඩනැගීමේ දැක්ම” යන තේමාවෙන් සංවිධානය කර ඇති රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශව පොදු එකඟතාවයකට ගැනීම උදෙසා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී අද(25)පස්වරු 3ට පැවැත්වෙන් බව එක්සත් ජාතික පක්ෂය කියයි.
මෙම සත්‍යග්‍රහයට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප නායකයන් සහභාගී වීමට නියමිතය.
ආණ්ඩු මාරු වුණත් ප්‍රතිපත්ති මාරු නොවන පොදු ප්‍රතිපත්තියක් සඳහා සියලුම පාර්ශව එකම වේදිකාවකට ගැනීම සඳහා වන මෙම සත්‍යග්‍රහය සඳහා සියලුම පක්ෂවලට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
එහිදි ඔහු ඉල්ලා සිටියේ සත්‍යග්‍රහය සඳහා සහභාගී වන සියලුම දෙනාට සුදු ඇඳුමින් සැරසී එන ලෙසයි. පක්ෂ පාට භේද වලින් තොරව රට පුරා සියලූ ජන ප්‍රජාවන් ට මෙම සත්‍යග්‍රහය විවෘත බව ද එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයා මාධ්‍යය වෙත පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...