දේශීය පුවත්

මාස හයක ණය සහන කාලයකට මෙරටට අවශ්‍ය බොරතෙල්, පිරිපහදු කළ පෙට‍්‍රල් හා ඞීසල් මිලදී ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක් සමග ගිවිසුමකට එළඹීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කරන බව සමගි ජනබලවේග ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු හිටපු තෙල් සංස්ථා ජාතික සේවක සංගම් සභාපති ආනන්ද පාලිත ප්‍රකාශ කර ඇත.

ලබන ජුනි මාසයේ සිට මෙම නෞකා මෙරටට ගෙන ඒමට නියමිතව තිබෙන අතර නැවෙන් නැවට අදාළ ගෙවීම් කිරීම යටතේ මෙම ඉන්ධන මෙරටට ලබාදීමට නියමිතව ඇත්තේ දින එකසිය අසූවකට ණය සහන කාලයක් යටතේය.

මීට අමතරව බොරතෙල් බැරල් ලක්ෂ හතක් දින දෙසීයක ණය පදනම මත මෙරටට ගැනීමට නියමිතව අතැයි ද එම බොරතෙල් සඳහා ගෙවීම් කිරීමේදී සියයට පනහක මුදලක් රුපියල්වලින් ගෙවීමටත්, ඉතිරි සියයට පනහක මුදල ඩොලර්වලින් ගෙවීමටත් නියමිත බව සඳහන්ය.

කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව මෙම බොරතෙල් මිලදී ගැනීමට යන බවත් රුපියල් ශතවලින් ගෙවීම් කරන්නේ ලංකාවේ ප‍්‍රබල ව්‍යාපාරිකයකුගේ කළු සල්ලි සුදු කර ගැනීමට දැයි බරපතළ සැක මතු වී ඇති බවත් තවදුරටත් ඔහු ප්‍රකාශ කරන ලදි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More