දේශීය පුවත්

රාජපක්ෂ සමයේදි නිහඩ කර තිබූ උතුරේ ජනතාවට වත්මන් ආණ්ඩුව යටතේ කතා කිරීමට අවස්ථාව ලැබුනද, තම ජනතාව වෙනුවෙන් කතා කිරීමේදි එය විකෘති කරමින් උතුරේ ජනතාව ජාතිවාදය පතුරවන බවට දකුණේ දේශපාලකයින් විසින් හංවඩු ගසන බව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසා සිටියා.

උතුරේ දි සිදු කරන ප්‍රකාශ දකුණේ දි වාර්තා වන්නේ ජාතිවාදි ස්වරූපයකින් බවත් මහ ඇමතිවරයා මෙහිදි චෝදනා කළ අතරම එවැනි චෝදනාවන් සංහිඳියාව ගොඩ නැගීමට බාධා වන බවත් සඳහන් කළා.

උතුරේ දෙදින සංචාරයක යෙදින සිටින වෙබ් මාධ්‍යවේදීන් ගේ ජාතික ව්‍යාපාරය පසුගියදා ප්‍රධාන අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ වෙනම රාජ්‍යයක් උතුරේ පිහිටුවීමට අවස්ථාවක් නොමැති නමුත් සංවර්ධන ක්‍රියාදාමය තුළ දේශපාලන යාන්ත්‍රණයක් සකස් විය යුතු බවයි.

ඊයේ සංචාරයේදි උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ සිවඤානම්, උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්, උතුරු පළාත් ප්‍රධාන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, උතුරු පළාත භාර යුධ හමුදා අඥාපතිවරයා, උතුරු පළාත් ආණ්ඩුකාරයා හමුවු අතර එහිදි උතුරේ මාධ්‍ය නිදහස හා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More