අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ නාමල් රාජපක්ෂ මහතා මේ රටේ රජ කිරීමේ බලාපොරොත්තුවක් තබා සිහිනයක් වත් තමන්ට නොමැති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ මහින්ද රාජපක්ෂ රජ වුවද, ගෝඨාභය රාජපක්ෂ රජ වුවද, නාමල් රාජපක්ෂ රජ වුවද, නාමල්ගේ පුත් කේසර රජ වුවද රට පාලනය සිදු කරනුයේ බැසිල් රාජපක්ෂ ම බවයි.
“වත්මන් ආර්ථික අර්බුදය දිගුකලක් අඛණ්ඩව ණය ලබා ගැනීම නිසා ඇති වූ අර්බුදයක් විනා කෝවිඩ් නිසා ඇති වූ තත්ත්වයක් නොවන බව මම දිගින් දිගටම ප්‍රකාශ කළා. එම සත්‍යය පැවසීම හේතුවෙන් ආණ්ඩුව තුළින්ම මට ප්‍රහාර එල්ල වුනා. මෙම අර්බුදය සම්බන්ධයෙන් අනතුරු අඟවමින් මම කැබිනට් පත්‍රිකා එකොළහක් ඉදිරිපත් කළා. එහෙත් මුදල් අමාත්‍යවරයා හිතාමතාම මෙම අර්බුදය තීව්ර වීමට ඉඩ හැර බලා සිටියා.” යනුවෙන් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...