ව්‍යාපාරික පුවත්

පාවෙන විනිමය අනුපාත ක්‍රමය තබාගතහොත් මැයි – ජූනි මාස වන විට ඇමරිකානු ඩොලරය මිල රු. 400 සීමාව ඉක්මවා යනු ඇතැයි පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුණපාල රත්නසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

…. අපි ඩොලරය අතහැරියා විතරයි, රුපියලේ අගය පාවෙන්න හැරියා විතරයි, 202කට තියාගත්ත ඩොලරය අගය අද රු. 300 දක්වා ඉහළ ගිහිං තියෙනවා. 290 – 300 මට්ටමේ මේ වන කොට ඩොලරය ක්‍රියාත්මක වෙනවා.

විදේශ විනිමය ලැබීම් හා ගෙවීම් අතර පරතරය ඩොලර් බිලියන 10ක් විතර තියෙද්දී, මේ පැත්තෙන් දේශීය මුදල් සැපයුම වර්ධනය වෙමින් තියෙද්දී, කවදාවත් අපි රුපියල පා කළොත්, නැතිනම් පාවෙන විනිමය අනුපාත ක්‍රමය පාවිච්චි කළොත්, සිද්ධ වෙන එකම දේ ඩොලරයේ අගය තව තවත් ඉහළ යාම.

මගේ පුද්ගලික ඇස්තමේන්තුව තමයි මැයි මාසේ ජූනි මාසේ විතර වෙන කොට අපි පාවෙන විනිමය අනුපාත ක්‍රමය තියාගත්තොත් ඩොලරයක අගය රු. 400 ඉක්මවලා යාවි. ඩොලරය 400 මට්ටමට යන කොට සිද්ධ වෙන දේ තමයි ජනතාවට දරා ගන්න බැරි මට්ටමට ජීවන වියදම අනිවාර්යයෙන්ම ඉහළ නගිනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ දැඩි පරිශ්‍රමයක් යොදා ඩොලරය රු. 203 මට්ටමේ රඳවා තබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ජීවන වියදමේ වැඩිවෙන වේගය යම් මට්ටමකට පාලනය කරගැනීමේ හැකියාවක් රජයට තිබුණු බවයි.

මෙතෙක් ලංකා ඉතිහාසයේ හැමදාම විදේශ විනිමය ලැබීම් හා විදේශ විනිමය ගෙවීම් අතර පරතරයක් තිබුණා. නිදහසෙන් පසු එකම එක අවුරුද්දක හැර අනෙක් සෑම වර්ෂයකදීම විදේශ විනිමය ලැබීම් හා ගෙවීම් අතරේ දැවැන්ත හිඟයක් අපිට තිබුණා.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More