දේශීය පුවත්

සිංහරාජ වනාන්තරයේ සිටින අලීන් දෙදෙනා ඉවත් කිරීමට ඉඩ ලබා නොදීම සම්බන්ධයෙන් තමා කණගාටුවන බව තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කොළඹ අද(18) පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පළකරමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

සිංහරාජ වනාන්තරයේ දැනට ඉතිරිව සිටින තෙත් කලාපීය වන අලින් දෙදෙනා හොරොව්පතාන ප්‍රෙද්ශයේ රක්ෂිතයට ගෙනයාමට සැලසුම් කොට ඒ සඳහා මෙහෙයුමක් ආරම්භකෙරුණේ ඉකුත් 14 වැනිදායි.

අලින් එම ස්ථානයෙන් ඉවත්කිරීම සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට හේතු විය හැකි බව පවසමින් පරිසර සංවිධාන ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම ඊට සිය විරෝධය පළ කළේය.

එවන් පසුබිමක අදාල අලි මෙහෙයුම ජනපති නියමයෙන් නැවැත්වීමට පියවර ගත් බව තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More