දේශීය පුවත්

පක්ෂ 11ක එකමුතුව විසින් පසුගිය මාර්තු මස 02 දින රට හමුවේ තබන ලද “මුළු රටම හරිමගට” ජාතික වැඩපිළිවෙළ ගරුතර මහානායක හිමිවරුන්ට පිළිගැන්වීමත් ඒ පිළිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීමත් සඳහා එම පක්ෂ 11හි නායකයන් කටයුතු යොදා තිබේ.

ඒ අනුව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාවේ ශ්‍රී ඥානරතන මහනාහිමි බැහැදැකීම අද(24) සිදු වේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් වීරසුමන වීරසිංහ, එක්සත් මහජන පක්ෂය වෙනුවෙන් ටිරාන් අලස්, යුතුකම සංවාද කවය වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ඇතුළු පක්ෂ 11ක එකමුතුවේ (11 Parties Alliance) නායකත්වය මුළු රටම හරිමගට” ජාතික වැඩපිළිවෙළ මල්වතු මහනාහිමියන් වෙත පිළිගැන්වූ අයුරු පහත දැක්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More