වෛද්‍ය එස්.එස්.එම්. සාෆි මහතා නැවත සේවයේ පිහිටුවීම සහ අනිවාර්ය නිවාඩු කාලසීමාව තුළ හිඟ වැටුප් ගෙවීමට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත යොමුකළ 2021.12.6 දින දරණ ලිපිය මගින් පැන නැගී ඇති අර්බුදය සම්බන්දව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත දීර්ඝ ලිපියක් යොමුකර ඇත.
ඒම ලිපිය මගින් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ වෛද්‍ය එස්.එස්.එම්. සාෆි මහතා නැවත සේවයේ පිහිටුවීම සහ අනිවාර්ය නිවාඩු කාලසීමාව තුළ වැටුප් ගෙවීමට කටයුතු කළහොත් අමාත්‍යංශයේ සහ ආණ්ඩුවේ ගෞරවයට හෝ ප්‍රතිරූපයට බරපතළ අගතියක් සිදු වන අතර ඊට අමතරව පහත සඳහන් වැරදි ද සිදුවන බවයි.
එම වැරදි ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ අධිකරණය විසින් ලබාදුන් නියෝගය අනුව ඉදිරි කටයුතු සිදු නොකිරීම මගින් අධිකරණයට වක්‍ර ලෙස අපහාස කිරීම සහ අධිකරණ කටයුතු අවසන් කිරීමට පෙර චූදිතයාට අයුතු සහන ලබාදීම මගින් අධිකරණ තීන්දුවට වක්‍ර ලෙස බලපෑම් කිරීම. මේ වනවිට අවසන්ව නොමැති පොලිස් පරීක්ෂණ වලට අයුතු සහ අහිතකර බලපෑම් සිදුවන ලෙස පරිපාලන ක්‍රියාමාර්ග ගැනීම. රෝහල් අධ්‍යක්ෂවරයාට මානසික බලපෑමක් එල්ල කිරීම මගින් අනාගතයේදී මෙවැනි සිදුවීම්වලදී නිසි පියවර ගැනීම වැළැක්වීම සඳහා සෙසු නිලධාරීන් අතර මානසික බාධක පැනවීම. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විධිමත් ලෙස සොයා නොබැලීම නිසා මානසික පීඩාවට පත්ව සිටින 800කට ආසන්න වින්දිතයින් තවදුරටත් මානසික පීඩාවට ලක් කිරීම. වෛද්‍ය සාෆි මහතා සහ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු බවට චෝදනා එල්ල වූ යම් පිරිස් අතර සම්බන්ධතාවයක් පිළිබඳව සහ ඔහුට පැහැදිලි කළ නොහැකි මූලයන්ගෙන් මුදල් ලැබීම පිළිබඳව යම් සාක්ෂි ලැබී තිබියදී ඔහුට චෝදනාවලින් නිදහස් වීමට හැකි වූ බවට සමාජ මනෝභාවයන් ගොඩනැගීම මගින් ආගමික අන්තවාදී බලවේග මානසිකව ශක්තිමත් වීම සහ පොදු ජනතාවට නිශේධාත්මක පණිවිඩයක් ලබාදීම. ලේකම්වරයාගේ පරිපාලන දැනුම සහ විචක්ෂණභාවය පොදු සමාජය තුළ අභියෝගයට ලක්වීම මගින් සෞඛ්‍ය පද්ධතිය තුළ මානසික බිඳ වැටීම් සිදුවීම සහ පරිපාලන පටිපාටි සහ ක්‍රියාමාර්ග අවතක්සේරු වීමයි.
එම කරුණු 10කින් යුත් දීර්ඝ ලිපිය පහතින්…



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...