අපි මේ ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැති කරලා ඔය උද්දච්ච පාලනය අහෝසි කරනවා යැයි ද ඉදිරියේදී රාජපක්ෂවරු කිසිවෙකුත් බලයට ගේන්නට කිසිදු කැපකිරීමක් නොකරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (24දා) මහනුවරදී පැවසීය.
ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 මගින් ඉදිරිපත් කළ රට හරිමගට ජාතික වැඩපිළිවෙළ සම්බන්ධව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දැනුවත් කිරීමට මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්විමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළේය.
එහිදී ඒ මහතා මෙසේද කීවේය. “… මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේ ප‍්‍රතිපලයක් ලෙස මාවත් ගම්මන්පිල ඇමැතිවරයාත ආණ්ඩුවෙන් ඉවත් කෙරුණා. පක්ෂ 11 මගින් ජනගත කළ වැඩපිළිවෙළ මහනායක හිමිවරුන්ට අද පිළිගන්වලා අපේ ඉදිරි ගමන් මාර්ගය සම්බන්ධව උන්වහන්සේලාව දැනුවත් කළා. මේ ආණ්ඩුව රනිල් වික‍්‍රමසිංහ මහතාව පාවිච්චි කරනවාද එහෙම නැත්නම් රනිල් වික‍්‍රමසිංහ මහතා පාවිච්චි වෙනවාද කියලා අපි දන්නේ නැහැ. සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝම එකතු වෙලා වැඩ කරන්නයි. හිටපු අගමැතිවරයෙකුට ඔයා කියලා කතා කරන්න තරම් උද්දච්ච මිනිහෙක් කියලා එතනදී මුදල් ඇමැතිවරයා පෙන්නුවා. සර්වපාක්ෂික සමුළුවේදීත් ඔහුට ඕන ගැටුමක්. උද්දදච්ච අවලස්සන ඇමරිකානුවෙක් තියාගෙන මේ ගමන යන්න බැහැ….”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...