මෙරට තිබෙන සියලූම විදුලි බලාගාර මගින් විදුලිය ජනනය කළද පවතින ඉල්ලුම අනුව අඛණ්ඩව විදුලිය ලබාදීමට මෙගාවොට් 500 ක පමණ හිඟයක් තිබෙන බව ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පැවසීය.
හදිසි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඞීසල් බලාගාරවලින් මෙගාවොට් 200 ක් මිලදී ගත්තද අඛණ්ඩව විදුලිබලය ලබාදීමට නොහැකි බව ගණනය කිරීමේදී හෙළිවී ඇති බව එහිදී අණාවරනය විය.
ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම පහළයෑම නිසා ජල විදුලි නිෂ්පාදනය අඩුවීම නිසා තාප බලාගාරවලට ඇති තරම් ඉන්ධන ලබාදුන්නද විදුලි අර්බුදය අවසන් නොවන බැවින් දැන්වත් කඹ ඇදීම් නොකර අඩු වියදම් සහිත විදුලි බලාගාර ඉදිකිරීමට යම්කිසි පොදු එකඟතාවකට පැමිණිය යුතු බව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝද කියා සිටිති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...