දේශීය පුවත්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු සිවුදෙනකු කැබිනට් මණ්ඩලයට අමතරව පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප‍්‍රමාණයට වඩා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු හා රාජ්‍ය අමාත්‍යවරුන් සිවුදෙනකු පත්කිරීමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා ඉංජිනේරුවරයකු වන කපිල රේණුක පෙරේරා මහතා විසින් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා ඇත.

සිය සේවාදායකයා විසින් එකී කරුණ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබියදීත් ජනාධිපතිවරයා විසින් නැවත අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් වෙනස් කර ඇති බවත් එකී ක‍්‍රියාව නුසුදුසු කි‍්‍රයාවක් බව පෙනී යන බවත් අධිකරණයට පෙන්වා දුන් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන වේරදුවගේ මහතා එබැවින් සිය පෙත්සම සංශෝධනය කිරීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය විරෝධය දැක්වූවද එම මූලික විරෝධතාව ප‍්‍රතික්‍ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධිත පෙත්සම ලබන මැයි 4 වන දින හෝ ඊට පෙර ගොනුකරන ලෙසටත් විරෝධතා ඇත්නම් මැයි 11 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙසටත් එහිදී නියෝග කරන ලදි. විනිසුරු මාඩුල්ල එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන මැයි 18 දා යළි කැඳවීමට දින නියම කර ඇත.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More