දේශීය පුවත්

රාජ්‍යය සංස්ථා ඇතුළු රජයේ ආයතන 39ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇතැයි මාධ්‍යය වෙත වාර්තාවේ. මෙම රාජ්‍යය ආයතන අතර පාඩු ලබන රාජ්‍යය ආයාතන මෙන්ම ලාභ ලබන රාජ්‍යය ආයතනද වන බවද  එම වාර්තා වලින් තහවුරු වේ.

මුදල් අමාත්‍යාංශය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මෙම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කළ දැනුම්දීමකට අනුව එම කටයුතු සිදුකෙරෙන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මුල් පියවරක් ලෙස එම තෝරාගත් ආයතන සඳහා ජනාධිපති අරමුදල මහා භාණ්ඩාගාරය, මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය මඟින් වෙන් කෙරෙන ප්‍රතිපාදන සීමා කෙරෙන අතර, අනවශ්‍ය වියදම් පිළිබඳ සොයා බලා ඒවාට අදාළ සියලු ව්‍යාපෘති නතර කර දමනු ඇතැයි වාර්තා වේ.

මේ අතර මුදල් අමාත්‍යවරයාට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම රාජ්‍ය ආයතන 39 ඇතුළත් අමාත්‍යාංශ භාර කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත මේ පිළිබඳව නිල නොවන මට්ටමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දැනුම් දී ඇති බවය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ දැනුම්දීමකට අනුව ඉහත නියෝග අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නිල වශයෙන් දැනුම්දීම සඳහා නව චක්‍රලේඛයක් සකස් කරමින් පවතින බව ද වාර්තාවේ.

ඒ අනුව ඉදිරියේදී එම ආයතනවල අනවශ්‍ය සේවක කප්පාදුව. අමතර දීමනා අත්හිටුවීම, පාඩු ලබන ව්‍යාපෘති නතර කර දැමීම අනිවාර්යයෙන් සිදුවන බව නම සඳහන් කිරීමට අකමැති වූ මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙකු ලංකා ලීඩ් වෙත පවසා සිටියේය.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර අරමුදල අතර ඇති වූ කොන්දේසි පිළිබඳව මේ වන තෙක් මුදල් අමාත්‍යාංශය මඟින් පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කර නොමැත.

ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත රාජ්‍ය ආයතන 39 වන්නේ,
විදේශ සම්පත් දෙපාර්තමේන්තුව,ජාතික වැටුප් කොමිසම,සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල,ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය,ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය,මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව,සිවිල් ගුවන් සේවා අධිකාරිය,සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම,විදේශගත රාජ්‍ය දූත මණ්ඩලය,කම්කරු දෙපාර්තමේන්තුව,සේවක අර්ථසාධක අරමුදල,ජාතික වෘත්තීය සුරක්ෂිතා සහ සෞඛ්‍ය ආයතනය,මාර්ග නඩත්තු භාර අරමුදල,
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය,ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය,රාජ්‍ය ඔෟෂධ නිෂ්පාදන සංස්ථාව,දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය,රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව,රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා රේගුව,සුරාබදු දෙපාර්තමේන්තුව,වාණිජ දෙපාර්තමේන්තුව,පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකරිය, සීමාසහිත ලංකා සතොස,සීමා සහිත ලංකා සිමෙන්ති සමාගම,ලංකා ධීවර සංස්ථාව,ශ්‍රී ලංකා තේ මණ්ඩලය,පොල් වගාකිරීමේ මණ්ඩලය,ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය,වී අලෙවි මණ්ඩලය, සීමාසහිත ශ්‍රී ලන්කන් එයාර් ලයින් සහ එහි පාලිත සමාගම,සියලුම රාජ්‍ය බැංකු හා ඒවායේ පාලිත සමාගම්,විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව,රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල,
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ එහි පාලිත සමාගම් හා ඒ ආශ්‍රිත සමාගම්,තැපැල් දෙපාර්තමේන්තුව සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන රාජ්‍යය ආයතනයි.

මේඅ තර ආර්ථික විශ්ලේෂකයන් මුදල් අමාත්‍යයවරයා වෙත පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව මීට ඉහතදී ජාත්‍යන්තර අරමුදලෙන් ණය ගත් අවස්ථාවලදීද පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවුණේ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ වෘත්තීය සමිතිවලින් පැන නැඟුණු විරෝධතා නිසා බව ඉතා විශ්වාසදායක   ආරංචි මාර්ග පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More