වාහන ආනයනය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් යෝජනා ඉදිරිපත් කර අ3ති වුවද රජය අවධානය යොමු කර ඇත්තේ අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණක් ආනයනය කිරීමට ඩොලර් යෙදවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට තීරු බදු ඩොලර්වලින් ද ගෙවා වාහන ආපසු සිය රටට යැවීමට අවසර දීම සම්බන්ධයෙන් තමන් මීට පෙර කළ යෝජනාව සලකා බැලිය හැකි දැයි දොලවත්ත මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. “මෙය ඉහළ යන වාහන මිල අඩු කර ගැනීමට සහ ඩොලර් වලින් තීරු බදු ගෙවන බැවින් රජයට ඩොලර් ලබා දීමට උපකාරී වනු ඇති බවද” ඔහු පැවසීය.
අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ වාහන සහ අනෙකුත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමට අවසර දෙන්නේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමෙන් පසුව බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...