දේශීය පුවත්

2013 වසරේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB), ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවට සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වතු කම්කරුවන් 12,000කට ආසන්න පිරිසකගේ සේවක අර්ථ සාධක අරමුදල් (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් (ETF) පාරිතෝෂිකය අදාල වර්ෂය තුළ රු.මිලියන 1,888ක් නොගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබී තිබේ.

එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, කම්කරු අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය, කම්කරු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව ද නම් කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම, එම පාරිතෝෂිකය නොගෙවීම සම්බන්ධයෙන් සියලු ම වගඋත්තරකාර පාර්ශව වෙත 2019 වසරේදී නිර්දේශ නිකුත් කළ නමුත් වගඋත්තරකාර පාර්ශව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බවද කොමිෂන් සභාව පැවසීය.

එබැවින් සියලු ම පාර්ශ්ව කොමිසම වෙත කැඳවා නිර්දේශවල ප්‍රගතිය පිළිබඳව විමසීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කටයුතු කර ඇති අතර වතු කම්කරුවන්ගේ සියලු ම ගෙවිය යුතු ගෙවීම් 2022 නොවැම්බර් 2 වන දින හෝ ඊට පෙර ගෙවීමට ජනතා වතු සංවර්ධන මණ්ඩලය භාර ගත් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරට ත් පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More