දේශීය පුවත්

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ඊයේ(23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට දැඩි කැමැත්තෙන් පසුවන බවත් උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඩයස්පෝරාවට ඇරයුම් කරන බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ඉදිරිපත් වූ කරුණු, එහි ප්‍රගතිය සහ දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ද නූලන්ඩ් මහත්මිය දැනුවත් කළේය.

තවදුරටත් රටේ ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනය කල ජනාධිපතිවරයා කොවිඩ් වසංගතය සහ වෙනත් රටවල සිදුවීම් මගින් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මගහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට තීරණය කළ බවත් එම තීරණය සම්බන්ධයෙන් මෙන්ම සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට සහ ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ගෙන ඇති බවත් පෙනවා දුන්නේය.

එහිදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා ඇතුළු පිරිස සහකාර ලේකම්වරියගෙන් ඉල්ලා සිටියේය.

එහිදී අදහස් දැක්වූ වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමග සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම පෙන්වා දුන් අතර ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති ප්‍රවේශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ප්‍රසංශා කළේය.

ඇමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහාය ලබාදීමටත් පියවර ගන්නා බව නූලන්ඩ් මහත්මිය සඳහන් කළාය. මෙරට අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කළ සහකාර ලේකම්වරිය පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි බව පෙන්වා දුන්නාය.

සහකාර ලේකම් ඩොන් ලු, ඇමරිකානු තානාපති ජූලි චන්ග්, ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමන්ඩා ඩෝරි, දේශපාලන නිලධාරී ජෙෆ් චැනින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More