අවුරුදු දෙකකට පෙර ගෝටාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති වශයෙන් වැඩිම ජනතා ඡන්දයකින් තේරී පත්වුවත් අවුරුදු දෙකක්වත් ගතවීමට පෙර වැඩිම ජනතාවක් ඒකරාශී කරගෙන ගෙදර යවන්න ලෑස්ති බවත් පරණ තට්ටු මාරු ක්‍රමයට යළ ඉඩ නැති බවත් ජාතික ජන බලවේගයේ විරෝධතා රැලිය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා නුගේගොඩදී පැවසීය.
…. “තැන් තැන්වල ඉන්න ජනතාව විඳින දුක් වේදනා එකට කැටි කරලා ආණ්ඩුව ගෙදර යවන්න ලෑස්තියි. බුද්ධි අංශ වාර්තාවලින් ගෝටාභය රාජපක්ෂ මහත්තයාට ඒ බව දන්වයි. ගෝටාභය රාජපක්ෂ මහත්තයා සිංහාසනයෙන් බස්සවා ගෙදර යවන්න ලෑස්ති බව ඒ වාර්තාවලින් තහවුරු කරයි. ඒ වගේම ගෝටාභය සිංහානයෙන් බස්සවා කොහේවත් නැති පුතානෝ කෙනෙක් බලයට ගේන්නෙත් නැහැ. පරණ තට්ටුමාරු ක්‍රමයට දැන් ඉඩ නැහැ ….යනුවෙන් ඔහු එම රැලියේදී වැඩිදුරටත් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...