දේශීය පුවත්

ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිලිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අද මාර්තු 23 සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවිය.

මෙම හමුවේදී සර්වපාක්ෂික සමුළුවේදී ඉදිරිපත් වූ කරුණු සහ දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබදවද ජනාධිපතිවරයා විසින් ඇය දැනුවත් කළේය.

ඒ පිළිබඳ ප්‍රසාදය පළ කළ සහකාර ලේකම්වරිය කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමග සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම පෙන්වා දී ඇත. ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට තමා ඉතා කැමැත්තෙන් පසුවන බව සඳහන් කළ ජනාධිපතිතුමා උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඔවුන්ට ඇරයුම් කරන බවද පැවසීය.

ඇමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහාය ලබාදීමටත් පියවර ගන්නා බව නූලන්ඩ් මහත්මිය සඳහන් කළාය. මෙරට අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කළ සහකාර ලේකම්වරිය පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි බව පෙන්වා දෙනු ලැබීය.

කොවිඩ් වසංගතය සහ වෙනත් රටවල සිදුවීම් මගින් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මගහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට තීරණය කළ බව රාජපක්ෂ මැතිතුමා පැවසීය. එම තීරණය සම්බන්ධයෙන් මෙන්ම සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයට සහ ත්‍රස්ත විරෝධී පනත සංශෝධනයට ගෙන ඇති පියවර නූලන්ඩ් මහත්මියගේ ඇගයීමට ලක් විය.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙස ජනාධිපතිතුමා දූත පිරිසෙන් ඉල්ලා සිටියේය.

සහකාර ලේකම් ඩොන් ලු (Don Lu), ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung), ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමන්ඩා ඩෝරි (Amanda Dory), දේශපාලන නිලධාරී ජෙෆ් චැනින් (Geoff Chanin), විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More