අද පැවති සර්ව පාක්ෂික සමුළුවේදී උණුසුම් වචන හුවමාරුවීම් අවස්ථා කිහිපයකදී ඇති වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එහි පළමු සිද්ධිය වී ඇත්තේ උදෑසන ආරමභයේදීම මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එජාප නායක, රනිල් වික්‍රමසිංහ අතර සිදු වූ උණුසුම් වචන හුවමාරුවයි.
ඉන් පසුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර තවත් උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් වූ වාර්තාව අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියත් එය නොලැබුණු බවත් අද හෝ එය ලබාදෙන ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිට ඇති අතර මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් නිකුත් කළ සම්පූර්ණ වාර්තාව නොලැබුණු බවය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව නිකුත් කර ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බව රනිල් වික්‍රමසිංහගේ නැවත ප්‍රකාශයත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු ව ඇති අතර අවසානයේ මුදල් අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් නිකුත් කළ කෙටුම්පත පමණක් ලැබුණු බව පිළිගෙන ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...