දේශීය පුවත්

වඳ සැත්කම් කළේ යැයි චෝදනා මත අනිවාර්යය නිවාඩු යැවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා වැඩ තහනමට ලක්ව සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතු හිඟ වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (23) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

වෛද්‍ය ෂාෆි මහතා විසින් ගොනුකළ රිට් පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී මේ බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යොමුකර තිබූ ලිපියක් ද අධිකරණයට ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

එම ලිපිය මඟින් අනාවරණය කර තිබුණේ ෂාෆි මහතා වැඩ තහනමට ලක්ව සිටි කාල සීමාව තුළ ඔහුට හිමි විය යුතු මූලික වැටුප, දීමනා, ජීවන වියදම් දීමනා සහ අතුරු දීමනා ආදිය ගෙවීමට පියවර ගන්නා බවය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි එම පෙත්සම කැඳවනු ලැබීය.

තමන්ට අදාළ විනය පරීක්ෂණය කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව මහතා විසින් පැවැත්වීම සම්බන්ධයෙන් වෛද්‍ය ෂාෆි මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් විරෝධය පළ කර තිබුණි.

එහෙත් එම ඉල්ලීමට විරුද්ධ වන බවද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම මැයි මස 31 වන දා තෙක් කල් දැමුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More