දේශීය පුවත්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ අනුග්‍රහයෙන් ගෙන එන කූට වැඩපිළිවෙළක් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපති ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසා සිටියේ රත්නපුර නව නගරයේ දේශපාලන ක්‍රියාකාරි රැස්වීමක් අමතමිනි.

එහිදී හිටපු අමාත්‍යවරයා මෙසේද කීය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ශේ්‍රෂ්ඨාධිකරණයෙන් පාර්ලිමේන්තුවෙන් පමණක් සංශෝධනය කිරීමට ඉඩ ලබා නොදුන් විධායක ජනාධිපතිවරයාගේ බලතල ඉතාමත් සූක්ෂ්ම ලෙස කප්පාදු කරමින් අගමැතිවරයාට එම බලතල පවරාදීම 20 වැනි සංශෝධනය තුළින් සිදුවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මේ 20 වැනි සංශෝධනය ගෙන එන්නේ ඔවුන්ගේ දේශපාලනික උපාය මාර්ගයක් ලෙසයි. ඔවුන්ට ජනාධිපතිවරණයකට ඉදිරිපත්ව කිසිදා ජයග්‍රහණය කළ නොහැකිවීම, ඔවුන්ට මැතිවරණයට තීරණාත්මක බලපෑමක් සිදු කිරීමට නොහැකිවීම, පාර්ලිමේන්තුව අස්ථාවරවීම තුළ ඔවුන්ට පක්ෂයක් ලෙස එහි වාසිය ලබා ගැනීම යනාදී කරුණු මේ සඳහා හේතු වී තිබෙන බව පැහැදිලියි. ඒවගේම 2015 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්කර ලබාගත් දේශපාලන බල හුවමාරුව තුළ රටට දැනෙන ජයග්‍රහණ කිසිවක් අත්පත් කර දීමට අසමත් වීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අනාගතය බරපතළ අර්බුදයකට ගිහින් තියෙනවා. එම නිසා එම දේශපාලන අර්බුදය සමනය කර ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ න්‍යාය පත්‍රයට සූක්ෂ්ම ලෙස සහාය දැක්වීමට අද ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරමින් සිටිනවා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයත් ඒ හා සමගාමීව වෙනස් කළ යුතුමයි. එසේ නොවුණහොත් රට සම්පූර්ණයෙන්ම අස්ථාවර වීමත් රට අරාජික වීමක් වළක්වා ගත නොහැකියි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අපි කඩිමුඩියේ සංශෝධනය කිරීමෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් අද උද්ගතව තිබෙනවා. කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී 19 වැනි සංශෝධනයේදී සිදු කළ සංශෝධන නිසා අද ගැටලු මතුව තිබෙනවා. 20 වැනි සංශෝධනයෙන් අගමැතිගේ උපදෙස් මත ජනාධිපති කැබිනට් මණ්ඩලය පත් කිරීමට යෝජනා කරනවා. ඒ කියන්නේ ජනාධිපතිට තියෙන්නේ අස්සන් කරන්න විතරයි. ඒ වගේම අපි දැක්කා පසුගිය කාලයේ කැබිනට් මණ්ඩලය තුළ රටට අහිතකර යෝජනා ගණනාවක් විසි කරන්න ජනාධිපතිවරයා කටයුතු කරනවා. ඒවා අතර රාජ්‍ය සම්පත් විකුණන යෝජනා තිබුණා. දැන් නව යෝජනා අනුව ජනාධිපති ආණ්ඩුවේ ප්‍රධානියා නෙවෙයි. ඔහු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වෙන්නෙත් නෑ. මේ අනුව සම්පූර්ණයෙන්ම විධායක ජනාධිපති බලතල අගමැතිට පවරලා තියෙනවා. ඒ වගේම 20 තුළ තිබෙන්නේ රටේ ජනතාවට තමන්ගේ කැමැත්තෙන් ජනාධිපතිවරයකු තෝරාගැනීමේ පරමාධිපත්‍ය බලය අහිමි කරවීමේ වැඩපිළිවෙළක්. ඒ නිසා අපි පැහැදිලිවම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධයි. ඒ වගේම අපේ රටේ බහුතරයක් මහා සංඝරත්නය, සුළු ජාතික පක්ෂ, විද්වතුන්, සිවිල් සංවිධාන නියෝජිතයන් 20ට විරුද්ධව පෙළගැසී සිටිනවා. ඒ අනුව මේ සංශෝධනය අනිවාර්යයෙන්ම අපි පරාජයට පත්කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More