දේශීය පුවත්

ඉන්දීය ආධාර මත ඉදිවෙන ත්‍රිකුණාමලය සාම්පුර් සුර්ය බලශක්ති විදුලි උත්පාදන ව්‍යාපෘතිය සඳහා ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීමට විරෝධය එල්ල වී තිබේ.

”ත්‍රිකුණාමලය වරාය සමීපයේ පිහිටි සාම්පුර් ගමේ සුළුතර දෙමළ ජනයාගේ ඉඩම් අත්පත් කරගෙන ඉන්දු ලංකා සුර්ය බලශක්ති විදුලි උත්පාදන මධ්‍යස්ථානය පිහිටුවන්න එපා” යි `ට්‍රින්කෝ සේව්` සංවිධානයේ ප්‍රධානි එස්.එච්.ක්‍රිෂාන් කුමාර් පවසයි. ත්‍රිමලය මාධ්‍ය සමාජය වෙත පසුගිය දා නැගෙනහිර මාධ්‍යවේදීන් කැඳවූ ක්‍රිෂාන් කුමාර් කියා සිටියේ 2015 වසරේදීත් ගල් අඟුරු විදුලි උත්පාදන ව්‍යාපෘතියක් වෙනුවෙන් ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීමට සැරසුණු බවයි.

”ජනතාවගෙන් එල්ල වුනු විරෝධය හින්දා එදා එම වැඩසටහනට ඉඩම් අත්පත් කර ගැනීම වැලකුනා. නැවතත් එසේ ඉඩම් අත්පත් කර ගනී යැයි සැකයක් දැන් සාම්පුර් ජනතාව තුල හට ගෙන තියෙනවා.”

දශක ගණනාවක් පැවති යුද්ධයෙන් පීඩිතව, දුගී දුප්පත්කමින් පෙළෙන සාම්පුර් ජනයා සිය දිවිසරි කර ගන්නේ කෘෂි කර්මාන්තයෙනි. ”සාම්පුර් ජනතාවගේ ඉඩම් යළිත් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට අපි එරෙහිව වෙනවා.”යි `ට්‍රින්කෝ සේව්` සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කරයි.

ත්‍රිකුණාමල බලශක්ති සමාගම, ඉන්දියාවේ NTPC සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර හවුල් ව්‍යාපාරයක් ලෙස සාම්පුර් සුර්ය බල ශක්ති විදුලි බලාගාරය සඳහා මාර්තු 11 වැනිදා ගිවිසුම් අත්සන් කෙරිණි.

මෙගා වොට් 100 ක විදුලි උත්පාදනයක් අපේක්‍ෂා කරන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 100 කි.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, විදුලිබල ඇමැතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි, ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධනය රාජ්‍ය ඇමැති ඩී.වී. චානක හා සූර්ය, සුළං සහ ජල, විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක,NTPC සමාගමේ ව්‍යාපාර සංවර්ධන ජාත්‍යන්තර ප්‍රධානී, නරීන්දර් මෝහන් ගුප්තා, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු, සහ ත්‍රිකුණාමල බලශක්ති සමාගමේ සභාපති එන්.එස්. ඉලංගකෝන් මෙම ත්‍රෛපාර්ශ්වික ගිවිසුම සඳහා අත්සන් කර තිබේ.

මුදල් අමාත්‍යංශයේ පැවති ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද එක් විය.

සුළං බලයෙන් මෙගා වොට් 500 ක විදුලි උත්පාදන මධ්‍යස්ථාන මන්නාරමේ සහ පූනගරි හි ඉදිකිරීම සඳහා ‘අදානි ග්‍රීන් එනර්ජි සමාගම’ සමඟ මුදල් අමාත්‍යංශය එදිනම ගිවිසුමකට එළඹිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More