රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනින් සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියේ පවතින අර්බුදයට විසඳුම් ලෙස රජය ගතයුතුව තිබූ ඇතැම් තීරණ පමාවූ බවට නැගෙන චෝදනාවන්ට එකඟ විය හැකි අවස්ථා ද ඇති බවයි. එසේ වුවත් පවතින අර්බුදකාරී තත්වය කළමනාකරණය කිරීමට රජය උපරිම කැපවීමෙන් කටයුතු කරන බව අවධාරණය කළේය.
“රජයේ හවුල්කාර පක්‍ෂ 11 මගින් ඉදිරිපත් කළ යෝජනාවලියේ ඇති ජාතික නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකිරීම, අපනයන වැඩි කිරීම හා ආනයන සීමා කිරීම ආදී කරුණු ක්‍රියාත්මක කිරීම ද රජය මේ වන විට ආරම්භ කර තිබෙනව. මේ අවස්ථාවේදී සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගී වී තම සාධනීය යෝජනා ඉදිරිපත් කරන ලෙස විපක්‍ෂයේ සියලු පක්‍ෂවලට ආරාධනා කරනවා.කාටත් දේශපාලනය කරන්නට නම් රට ආරක්‍ෂා කරගත යුතුයි. මේ අවස්ථාවේ තම ට්මන්ගේ සාධනීය යෝජනා ඉදිරිපත් කිරීම වැදගත්.මෙම සමුළුව පමාවූවාද යන්න ගැන කතාබහක් ඇති නමුත් මෙය කවදා හෝ පැවැත්වීම ලොකු දෙයක් කියායි මම හිටන්නේ.” රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...