දේශීය පුවත්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය පළ කිරීම පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් 4ක් අද(18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලුවේය.

බුවනෙක අලවිහාරේ, සිසිර ද ආබෲ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම් සලකා බැලුනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර ,ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් යසස් ධර්මදාස, මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් ඇතුළු පාර්ශව හතරක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා, නීතිඥ කණිෂ්ක විතාරණ, නීතිඥ සංජීව ජයවර්ධන යන නීතිඥයින් ඉදිරිපත්ව සිටියහ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පත සම්මත වුවහොත් සාපරාධී කාරණා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල දී මෙරට සිටින පුද්ගලයන් පිළිබඳව තොරතුරු විදේශීය රාජ්‍යයන්ට සහ සංවිධානවලට ලබාදීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බවයි.

ඒ හරහා මෙරට කටයුතුවලට මැදිහත්වීමට විදේශීය අධිකරණයන්ට සහ රාජ්‍යයන්ට හා සංවිධානය වලට අවකාශ සැලසෙන බව සඳහන් කරන පෙත්සම්කරුවන් ඒ හරහා මෙරට රණවිරුවන් දඩයමට ලක් වීමේ අවදානමක් පවතින බව ද කියා සිටියේය.

මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදු වන බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් එය පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද පෙත්සම්කරුවන් අධිකරණයේන් ඉල්ලා තිබේ.

අද දින පෙත්සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීම අවසන් කෙරුණු අතර නීතිපතිවරයාගේ කරුණු දැක්වෙන ලබන බදාදා (20) පැවැත්වීමට නියමිතව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More