අද (22) හපුතලේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ලංකාවේ අහසත් ඉන්දියාවට විකුණා අවසන් බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ,
” අද ලංකාවේ මිනිසුන් විශාල වශයෙන් දුක් විඳිනවා. පාරවල් ගානේ පෝලිම්වල මිනිසුන් මැරෙනවා. ඊයේ දවසේ කැබිනට්ටුවට අපූරු පත්‍රිකා හත අටක් ගෙනල්ලා. මේකෙදි ලංකාවේ ආරක්ෂාව යැයි කියමින් ඉන්දියාවට අපේ ලංකාවේ අහස විකුණා අවසන්. ලංකාවේ මහ මුහුද චීනයට දුන්නා. ගොඩබිම චීනෙට දුන්නා. වරාය ඇමරිකාවට දුන්නා. දැන් අහස ඩොලර් මිලියන විසි නමයකට ඉන්දියාවට විකුණා අවසන්.
මෙසේ අහස විකුණුවේ පළවෙනි වතාවට. ණය ගැනීම ඉවරයක් නැහැ. ලංකාවේ මිනිසුන්ගේ ජීවදත්ත ගැනීමේ අයිතිය පවා ඉන්දියාවට දෙනවා. ඉන්දියාවේ භාරතීය ඉලෙක්ට්‍රොනික් ආයතනයට තමයි මේක බාර දීලා තියෙන්නේ. මේ වැඩ කරන විරුවා ලංකාවේ ආරක්ෂාවක් ඉන්දියාවට විකුණුවා. තෙල්වලටත් අමු අමුවේ ඩීල් එකක් ගහනවා. ලංකාවේ මිනිස්සු පෝලිම්වල දුක් විඳිනවා.“ යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...