මේ මොහොතේ ජනතාව ඉන්නේ ආණ්ඩුව කෙරෙහි කලකිරිලා. මැතිවරණයක් තිබ්බොත් ඵොට්ටුවේ බ්ලය හේදිලාම යන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
රටේ පවතින තත්වය සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දක්වමින් රොෂාන් රනසින්ඝ මතා එලෙස පැවසුවේය.
“අද පාරිභෝගිකයාට බඩු මිල වැඩියි. සිමෙන්ති වලින් හාඩ්වෙයාර් මුදලාලිලා අසීමිත ලෙස ජනතාව ගසා කනවා. ගෑස් වල හිඟකමට වඩා ගෑස් හංගලා කළු කඩ කාරයෝ අසීමිත ලෙස මුදල් උපයනවා. මේකට අවුරුදු 70 ක පාලනය තුළ අවුරුදු 18 ක 20 ක පාලනය හැර ඉතුරු කාලය තුළ ගන්නා ලද තීන්දු තීරණ බලපෑව.
1948 සිට 1977 දක්වා ඩොලරයකට ගෙව්වේ රුපියල් 7 යි. ජේ. ආර්. ජයවර්ධන මහතා පිටරටින් බඩු ගේන එක ආරම්භ කරපු දින සිට අපේ ආර්ථිකය කඩා වැටුණා. අපි සියලු දෙනා සැමදෙයකටම දේශපාලනඥයින්ට අත දිග හරිනවාට වඩා තමාගේ යුතුකම රට වෙනුවෙන් ඉටු කිරීමට කටයුතු කර යුතුයි.
ඉතා හොඳින් අපි අණ්ඩුව කළමණාකරණය කරගෙන ආවත් යම් තැනන අපිට වැරදිලා තියෙනවා. අපි එම වැරැද්ද හදා ගත යුතුයි. මෙයින් වාසි ලබා ගැනීමට මේ රට අවුරුදු 05 කට විනාශයට ඇද දමන ලද විපක්ෂය අද උත්සහ දරනවා. 2015 සිට 2019 දක්වා ණය ප්‍රමාණය රුපියල් බිලියන 7000 ක සිට රුපියල් බිලියන14000 ක දක්වා වැඩිකිරීම, මහ බැංකු මංකොල්ලය, පාස්කු ප්‍රහාරය යන මේ සියල්ලම අද මේ තත්ත්වයට හේතු වුණා.
නායකයින් වෙත තොරතුරු ලබා දෙනවිට සත්‍ය තොරතුරු ජනතාවට ලබා දිය යුතුයි. තමන් සත්‍ය තත්ත්වය කීමට පැකිළෙන්නෙ නැහැ.
මේ ආණ්ඩුව බලයට ගෙන එන්නට ජනතාව වැඩ කලේ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි අසීමිත ලෙස විශ්වාස කරලා. එතුමා ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාව පත් කළා. ලෝක ඉතිහාසයේ කිසිම තැනක නැහැ ජනාධිපතිවරයා සිටින දිස්ත්‍රික්කය පාරජය කරන ලද රටක්. පළමුවැනි වතාවට අපි එය පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී කළා. හැබැයි අද ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි කළකිරිලා හා වේදනාවෙන් ඉන්නේ. මැතිවරණයක් තිබ්බොත් අපිව හේදිලා යන්නේ. මේක වෙනස් කරන්න පුළුවන්. ජනතාව දුන්න වරමින් ජනතාවට කරුණු හා සත්‍යය අවබෝධ කරල දීල. අපිට තවත් කාලය තිබෙනවා මේ රට ගොඩ දමන්නට. ඒ සඳහා දක්ෂ පුද්ගලයින් අපේ අණ්ඩුවේ ඉන්නවා”
රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...