ඊයේ දින ගුවන්විදුලියේ සභාපති හඩ්සන් සමරසිංහ මහා විසින් MCC ගිවිසුමට එරෙහිව විද්වත් වාර්තාව සකස් කිරීමට දායක වූ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා දැඩි දෝෂ දර්ශණයට ලක්කරනු ලැබුවේ කුමක් නිසාදැයි මහජන මතයක් පැන නැගී ඇත.
ඒ පිළිබඳව අප විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. එහිදී අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනෙන්…
”ඔය වචන හඩ්සන් මහතාගේ කටට දෙන්නේ ආණ්ඩුවේ පාර්ශවයකින් බව ඉතා පැහැදිලියි. එය සිදුවන්නේ ඇමෙරිකාවේ බලවත්ම දේශපාලන කාන්තාව වන වික්ටෝරියා නූලන්ඩ් ශ්‍රී ලංකාවට පැමිණියේ තත්වය තුළයි. හඩ්සන් මහතාගේ හදිසි ප්‍රහාරයෙන් පැහැදිලි වෙනවා ඇය MCC ගිවිසුමට අදාලව විවෘත බලපෑමක් කරන බව හා ආණ්ඩුව එය පිළිගැනීමට සූදානමින් සිටින බව. සමහර විට MCC මූල්‍ය ප්‍රධානයට අමතරව කැරට් අලයක් ලෙස තවත් විශේෂ මූල්‍ය සහයක් ලබාදීමට ඉඩ තිබෙනවා. ඉන්දියාවෙන් වසරකදි ආපසු ගෙවීමට ලැබුණු ඩොලර් මිලියන 1000 වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා දණ ගැසූ ආකාරය දෙස බලන විට මේ අය නූලන්ඩ් ඉදිරියේදී පසඟ පිහිටුවා වැද වැටෙන බව සහතිකයි. ගෑස් පෝලිම්වල රණ්ඩු කරන මිනිස්සුත් ඒ්ක අනුමත කරයි.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...