හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනී ජුලී චන්ග් අතර හමුවක් අද (21) සිදුව තිබේ.
ඒ, කොළඹ පස්වන පටුමගෙහි පිහිටි රනිල් වික්‍රමසිංහගේ නිවසේ දීය.
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණු බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනී ජුලී චන්ග් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ශ්‍රි ලංකාවේ හදිසි ආර්ථික අභියෝගවලට තිරසාර විසදුම් සෙවීමට එක්සත් ජනපදයට සහ ශ්‍රි ලංකාවට එකට ක්‍රියා කළ හැකි ක්‍රම පිළිබඳව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කළ බවයි.
රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා ශක්තිමත් විපක්ෂයක ඇති අවශ්‍යතාවය පිළිබඳව ද මෙහි දී කරුණු සාකච්ඡා වී තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...