දේශීය පුවත්

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ පවතින තත්වය යටතේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජාත්‍යයන්තර මුල්‍යය අරමුදලේ සහය ලබාගැනීමේ තීරණය ගැනීමට සිදුවන බවයි.

ඒ අනුව රට තුල පවතින තත්වය යටතේ මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු වීම සුදුසු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කරන බව ඒ මහතා පවසා සිටී.
මුල්‍යය අරමුදලට යාමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ යෝජනාවලියක් ද මහ බැංකුව විසින් රජයට දැනටමත් ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා පවසයි

“පවතින ගැටළුව විසඳාගැනීම සඳහා තුන්වෙනි පාර්ශ්වයක සහයෝගය ලබා ගැනීමට සිදුවනවා.කෙසේ වෙතත් මෙම තීරණය මගින් රටට අත්වන වාසි සහ අවාසි තත්ත්වයන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් එම ක්‍රියාවලිය ආරම්භ කළ යුතුයි. එසේ කටයුතු නොකළහොත් පවතින අර්බුදය තවත් උත්සන්න විය හැකියි.රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලෙස යෝජනා අටකින් සමන්විත යෝජනාවලියක් ද මහ බැංකුව විසින් රජයට භාර දී තිබෙනවා. රටේ ආර්ථිකය නගා සිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. වැඩි ඈතට නොගොස් පවතින ගැටලු විසඳා ගත හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වනවා.” යනුවෙන් කබ්රාල් මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More