ඉන්දීය සාගරයේ නාවික ආරක්ෂාව උදෙසා ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ආරක්ෂක ගිවිසුම් තුනක් අත්සන් කිරීමට තීරණය වී ඇතැයි ඉන්දීය හින්දුස්ථාන් පුවත්පත අනාවරණය කර තිබේ. මෙම ගිවිසුම්වලට අනුව ඉන්දියානු සහ ශ‍්‍රී ලංකා මුහුදු කලාපයේ ගුවන් නිරීක්‍ෂණ මෙහෙයුම් සඳහා ඉන්දියාවෙන් ඩෝනියර් ගුවන් යානා දෙකක්ද ටොන් 4000 ක් බරැති නාවුක පාවෙන තටාකයක්ද ස්ථාපිත කර ඇති අතර නාවික සබඳතා ගැන කටයුතු කරන නිලධාරියකුද පත්කර ඇත.
ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර ආරක්ෂක ගිවිසුම් තුනකට එළඹෙන මුල් අවස්ථාවද මෙයයි. ඉන්දීය රජය ඕස්ටේ‍්‍රලියාව, ප‍්‍රංශය, ජපානය, මාලදිවයින, සිංගප්පූරුව, බි‍්‍රතාන්‍ය හා ඇමෙරිකාව සමඟද මෙවැනි ආරක්ෂක ගිවිසුම්වලට එළඹ තිබේ. ක්වොඞ් නමින් හඳුන්වන මෙම ආරක්ෂක එකඟතාවය පිළිබඳ වැඩිදුර තොරතුරු ශ‍්‍රී ලංකා රජය මෙතෙක් හෙළිකර නැත. ඉහළ පෙළේ ආරක්ෂණ ආරංචි මාර්ග පැවසුවේ ඉන්දීය සාගරයේ ඇමරිකානු ආරක්ෂක මෙහෙයුම ඇමරිකානු රජය ඉන්දියාව හරහා ශ‍්‍රී ලංකාවට යොමුකර ඇති බවය.

මේ සම්බන්ධයෙන් පසුගියදා සූම් තාක්ෂණය ඔස්සේ පැවති දේශනයකදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ද හෙළිකර සිටියේය. ඔහු එහිදී ඒකග වී ඇති කරුණු 8ක් පිළිබදව ද සඳහන් කළේය. එනම්
1) පලාලි ගුවන් තොටුපල සංවර්ධනය සහ මෙහෙයවීම ඉන්දියානු සමාගමකට ලබා දීම.
2)මඩකළපුව ගුවන් තොටුපල සිවිල් ගුවන් තොටුපලක් බවට ඉන්දියානු සමාගමක් මගින් සංවර්ධනය කිරීම.
3)සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ඉන්දියානු රජ්‍යය සමාගමකට අක්කර 1000ක් ලබාදීම
4)මන්නාරම සුළං බලාගාරය සඳහා අදානි සමාගමට අක්කර 600ක් ලබාදීම.
5)සේතු සමුද්‍රම් ( ආදම්ගේ පාලම ) සහ කච්චතිව් දූපතට අදාළ ඉන්දියානු අයිතීන් පිළිගැනීම.
6) ත්‍රිකුණාමලය වරායේ තෙල් සැපයීමේ ව්‍යාපාර්ය පුළුල් කිරීම.
7)නැගෙනහිර මුහුදු කළාපය ආශ්‍රිතව ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම.
ඇමරිකානු බලධාරීන් මෙම ආරක්ෂක එකඟතාවය ඇතිකර ඇත්තේ චීනයට එරෙහිව බව ද ආරංචි මාර්ග කියා සිටී. මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් මහාදේවි, තරිනි, බුල්බුලා, කඩල්පුරා සහ හරියාල් යන නැව් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත. මේ සම්බන්ධයෙන් පසුගියදා සූම් තාක්ෂණය ඔස්සේ පැවති දේශනයකදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ද හෙළිකර සිටියේය.
එම සම්පූර්ණ විඩියෝව පහතින්
හින්දුස්න්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබු ආකාරය පහත පරිධි වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...