මරදාන ටෙක්නිකල් හන්දියෙන් අද (18) පෙරවරුවේ ආරම්භ වු සමාජවාදී තරුණ සංගමය (SYU) විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල භූමිය වටලා විරෝධතාවේ නියැලී සිටින බව වාර්තා වේ.
විරෝධතාකරුවෝ “තෙල් පෝලිම් එපා…! ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමෙරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු යනුවෙන් සටන්පාඨ කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමි සිටින බවද වාර්තාවේ.
දේශීය සම්පත් විදෙස් රටවල් වෙත අලෙවි කිරීම, ඉන්ධන මිළ ඉහළ දැමීම ඇතුලු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් තමන් විසින් ජනාධිපතිවරයාට යොමුකරන ලිපිය වගකිවයුත්තෙක් පැමිණ ලබා ගන්න තුරු ජනාධිපති ලේකම් කාර්යාලය වටලාගෙන සිටින බව සමාජවාදී තරුණ සංගමයේ ප්‍රකාශකයෙකු මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.
මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙම පිරිස විසින් විරෝධතා රැළියක් ද පැවැත්වෙන් බව ලංකා ලීඩ් ප්‍රාදිශීය වාර්තාකරුවෝ පවසති.
විරෝධතාවය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය පොළ අවට සහ මරදාන ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවද අප වෙත වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...