ජනාධිපතිවරයා ජාතිය අමතා පෙරේදා (16 දා) කළ කතාව සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපනය ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (17 දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ එදා ‘‘මම තමයි හොඳටම කළේ’’ කියූ ජනාධිපතිවරයා අද ‘‘රටේ පවතින අර්බුදය මං හදපු ඒවා නෙවේ. ඒවා ඇති වෙන්න මං මුකුත් කළේ නෑ” යැයි කියන බව පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ,
අර්බුදය හැදුවේ කවුරු වුවත් රාජ්‍ය පාලකයන් සිටින්නේ ඊට විසඳුම් දීමට යැයි ද පැවසූ අතර ජනාධිපතිවරයා ජාතිය අමතා පෙරේදා කළ කතාවේදී එවැනි කිසිදු විසඳුමක් හෝ රට ගොඩගැනීමේ උපායමාර්ගයක් රටට ඉදිරිපත් කළේ නැතැයි ද පැවසුවේය. ඒඅ අනුව ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේ කුමකටද යන්න රටට හරියට පැහැදිලි නැතැයි ද අවධරනය කළේය.
“රටේ අර්බුදවලට විසඳුම් ඉදිරිපත් නොකරන ජනාධිපති ජනතාවට කියනවා විදුලිය, ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා. මෙච්චර ඉන්ධන මිල වැඩි වෙලා තියෙද්දී මිනිස්සු ඒවා නාස්තිකාර ලෙස පාවිච්චි කරන්නේ නෑ. තොරණවල වගේ ගෙවල්වල ලයිට් දාන්නේ නෑ. ඇමැතිවරුන්ට වගේ ජනතාවට කෝටි එකහමාරේ ලයිට් බිල් ඇවිත් නෑ. ඒ නිසා මේවා කියලා වැඩක් නෑ.
අනිත් කාරණය වෙන්නේ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කියපු නිශ්චිත ප‍්‍රකාශය. මුල් වටයේදී මූල්‍ය අරමුදලට ගියාට වඩා හානියක් දැන් ගියොත් වෙන්න පුළුවන්. දැන් ලංකාව විශාල වශයෙන් බිඳ වැටිලා නිසා ලංකාව පැත්තෙන් කේවල් කරන්න බෑ. මූල්‍ය අරමුදලේ සියලු කොන්දේසිවලට යටත් වෙන්න වෙනවා. සමාජ ආරක්ෂණය වෙනුවෙන් කරන වියදම් අඩු කරන්න කියලා 2016 දී මූල්‍ය අරමුදල කොන්දේසි දාන්න හැදුවා. භාණ්ඩ හා බෙහෙත් මත වැඩි වැඩියෙන් බදු ගහන්න කියා යෝජනා කළා. වෙළෙඳ බාධක ඉවත් කරන්න නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කරන්න කියා කියලා තිබුණා.
සිංගප්පූරු – ශ‍්‍රී ලංකා ගිවිසුම අත්හිටුවලයි තිබුණේ. දැන් ආරංචියක් තියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා මත ඒක යළි ක‍්‍රියාත්මක කරන්න හදනවා කියා. ඒ වගේම චීනයත් එක්ක අලුත් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන්න යන බවටත් ආරංචි තියනවා. මෙහෙම ගිවිසුම් අත්සන් කළොත් ශ‍්‍රී ලංකාවේ තියන සුළු හා මධ්‍ය පරිමාණ සියලු කර්මාන්ත බිඳවැටෙනවා. මේක ප‍්‍රාග්ධන හිමියෝ ජනතාවට එරෙහිව කැඳවලා තියන යුද්ධයක් හැටියටයි අපි දකින්නේ. ඊට එරෙහිව ජනතාව පෙළගැස්වීමේ වගකීම පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි භාරගන්නවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...