දේශීය පුවත්

මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතාට මොළ හතක් තිබියදී රටේ ආර්ථිකය මේ ආකාරයට කඩා වැටෙන්නේ කේසේ දැයි ජාතික සංවිධාන ප්‍රශ්න කරයි. ලංකා ලීඩ් වෙත අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ යුද්ධය අවසන් වූ පසුව ආර්ථික මොඩලය වෙනස් කිරීම සඳහා මව්බිම ලංකා පදනම විසින් ඉදිරිපත් කළ යෝජනා කුණු කූඩයට විසිකර ජාවාරම්කරුවන්ගේ මොඩලය පවත්වා ගෙන යාම සඳහා බැසිල් රාජපක්ෂ මහතා ප්‍රභල මෙහෙයක් ඉටු කළ බවය. මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුව අවසන්වූ එම ක්‍රියාවලිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහනයෙන් පසුව නැවත ආරම්භ කිරීමට ඔහු සමත් වී ඇති බව සහ වත්මන් පාලනය යහපාලනට වඩා දුෂිත බවද ඔහු සඳහන් කරයි. බැසිල්ට මොළ හතක් කෙසේ වෙතත් එක මොළයක් හෝ තිබිය යුතු තැන තිබුණා නම් මෙපමණ විනාශයක් සිදු නොවීමට ඉඩ තිබූ බවට තර්ක කරන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා වැඩි වෙලාවත් වැඩ කරන බව කියන්නේ ඔහුට වැඩ බැරි නිසා බවය. ඔහු ආර්ථික ඝාතක පී බී ජයසුන්දරගේ අත්වැඩ කාරයෙකු බවටද වසන්ත බණ්ඩාර මහතා තර්ක කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More