‘එක රටක් එක නීතියක්’ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී ගලගොඩ අත්තේ ඥානසාර හිමි ජනාධිපතිවරයා සතුව තිබෙන විධායක බලතල භාවිතා කර උද්ඝෝෂණ, විරෝධතා සහ වැඩවර්ජන දැඩි ලෙස මර්දනය කළ යුතු බව පවසූහ.
පසුගියදා මාධ්‍යය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසූහ.
“ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳවැටිලා තියෙනවා. එහෙන් උද්ඝෝෂණ, මෙහෙන් විරෝධතා. මොකක්ද මේ. මේ තෙල් ටික ගහගන්නවා කිලෝමීටර් එකහමාරක් විතර පෝලිමේ ඉඳලා. අවශ්‍ය ගමන යනකොට පාරවල්වල උද්ඝෝෂණ. අපි බලාපොරොත්තු වුණේ නෑ ගෝඨාභය මහත්තයාගෙන් මේ වගේ දියාරු පාලනයක්. මේවා පාලනය කරන්න ඕනෙ. දුම්රිය ස්ට්‍රයික් කරන්න බෑ. රෝහල් ස්ට්‍රයික් කරන්න බෑ. මොකක්ද මේ. තුනෙන් දෙකේ බලයකුත් දීලා තියෙනවා, විධායක බලයකුත් තියෙනවා, ඒකෙන් වැඩේ ගන්නෙ නැත්නම් මොකක්ද ඒකෙ තියෙන ප්‍රයෝජනේ. ඒක නිසා මිනිස්සුන්ගෙන් මේ රටේ භික්ෂුන් වහන්සේලා පවා බැණුම් අහනවා. බැරිවෙලාවක් ඔය රසායනික පොහොර ගැන අපි බලන් හිටියා නම් ඔය තෙල් නැව වගේ, ගෑස් නැව වගේ අපට පොහොර නැව එනකලුත් බලන් ඉන්න වෙනවා. නමුත් වේලාසනින්ම කාබනික එකට ගියා. ඒකෙ අඩුපාඩු එක්ක හරි නැගිටගන්න පුළුවන් නම් ඒක හොඳ එකක්. ඒක මිනිස්සු අතරට ගිහිල්ලා මේක වුණේ මේකයි කියලා හරියට කියන්න කෙනෙක් නැහැ” යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...