ශී‍්‍ර ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා වන සාකච්ඡාවලට සහභාගි වීම සඳහා මීට දින කිහිපයකට පෙර ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගියේය. එම සංචාරයේදි ශී‍්‍ර ලංකා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (16දා) දහවල් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවූ බවද වාර්තාවේ.
ඉන්දියානු අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝඩි මහතා බැසිල් රාජපක්ෂ මහතා වෙත පවසා ඇත්තේ ඉන්දියාව සෑම විටම ශී‍්‍ර ලංකාවත් සමග සිටින බවයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති නවදිල්ලියේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය පවසන්නේ ඉන්දියානු අග‍්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වූයේ දෙරට අතර ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් බවයි. එම නිවේදනය වැඩිදුරටත් පවසා සිටින්නේ එසේම තවත් ක්‍ෂේත‍්‍ර කිහිපයක් ගැන ද මෙහිදී සාකච්ඡා සිදුව ඇති බවද එම නිවේදනය පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...