විශ්ව විද්‍යාල සටහන් පමණක් කටපාඩම් කරගත් සහ මුල්‍යය අරමුදලේ සූත්‍ර දේවභාෂිතය සේ සලකා කටයුතු කරන ආර්ථික ශිල්පීන්ට වත්මන් අර්බූදයට විසඳුම් ඉදිරිපත් කළ නොහැකි බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසයි.ඒ මහතා ඒ බව පවසා සිටියේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍යය අධිපතිවරයා විසින් රුපියල අවප්‍රමානය කිරීම පමා වූ බවට එල්ල කරන චෝදනා විවේචනයට ලක් කරමිනි. ඔහු සඳහන් කරන්නේ බංගලාදේශය වැනි රටක අද ඩොලර් සංචිත මිලියන 45,000ක මට්ටමේ තිබෙන විට අප පිච්චියක්වත් නැතිවෙන තැනට පත් කිරීම සඳහා උපදෙස් දුන් පිරිස්වල උපදෙස් වලින් වත්මන් අර්බූදය ජයගත නොහැකි බවය. ඔහුට අනුව ආර්ථික මොඩලය පිළිබඳව තීන්දු ගත යුත්තේ ඊට අදාළ දේශපාලන දර්ශනය අනුව දේශපාලන නායකත්වය විසිනි. ඒ අනුව ඔවුන් වාස්තුවිද්‍යාඥයින් විය යුතු බව සහ නිලධාරින් මේසන්වරු සහ ශිල්පීන් විය යුතු බවට ඔහු තර්ක කරයි.ඔහුට අනුව දැන් සිදුවී ඇත්තේ මේසන්වරු වාස්තුවිද්‍යාඥයින් බවට පත්වී වාස්තු විද්‍යාඥයන් විය යුතු දේශපාලන නායකයින් ඔවුන්ගේ අත්වැඩ කාරයින් බවට පත්වීමය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...