දේශීය පුවත්

මෙරටින් තේ අපනයනය කරන විශාලතම වෙළෙඳ පොල වන රුසියාවට සහ යුක්රේනයට තේ අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට තේ අපනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන ඇති බව වාර්තාවේ.

එම දෙරට අතර පවතින යුදමය ගැටුම් හමුවේ එම රටවලට තේ අපනයනය කළද මුදල් ලබා ගැනීම සම්බන්ධව ගැටලූ මතුවීම සහ නැව් සමාගම් එම රටවලට ගමන් කිරීම ප‍්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් තේ අපනයනකරුවන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇති බවද කියවේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන තේ අපනයනකරුවන්ගේ සංගමය පවසන්නේ පවතින තත්ත්වය තුළ වෙනත් රටක් හරහා මුදල් ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමට සැලසුම් කර තිබුණ ද ඇමරිකාව ප‍්‍රධාන යුරෝපීය රටවල් රුසියානු බැංකු පද්ධතිය සමඟ ගනුදෙනු නොකරන ලෙස මූල්‍ය සහ ආර්ථික සම්බාධක පැනවීම නිසා එයද ව්‍යර්ථ වූ බවයි.

ඉකුත් 2021 වසරේදී රුසියාවට තේ කිලෝ ග‍්‍රෑම් මිලියන 27 ක් සහ යුක්රේනයට කිලෝ ග‍්‍රෑම් මිලියන 4ක් පමණ මෙරටින් අපනයනය කර තිබුණු අතර ඉකුත් වසරේ මෙරටින් අපනයනය කළ සම්පූර්ණ තේ ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් මිලියන 299 ක් විය. මේ අන්දමට රුසියාවට සහ යුක්රේනයට මෙරට තේ අපනයනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වුවහොත් එය ශී‍්‍ර ලංකා ආර්ථිකයට දැඩිව බලපාන්නක් බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More