“රට බේරගන්න නැගිටිමු යන මැයෙන්” සමගි ජන බලවේගය විසින් අද (15දා) සවස කොළඹදී ආණ්ඩු විරෝධී දැවැන්ත ජන රැළියක් සංවිධානය කර ඇති බව වාර්තාවේ. කෙසේ වුවද මෙම ආණ්ඩු විරෝධී ජන සහභාගිත්වය ජන රැළියක් හෝ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ලෙසින් පවත්වන්නේද යන්න හෝ ආරම්භ කරන හෝ අවසන් කරන ස්ථානය පිළිබඳව මෙතෙක් හෙළි නොකර සිටීමට සංවිධායකයෝ කටයුතු කර ඇති බවද කියවේ.
මෙම ආණ්ඩු විරෝධි රැළියට පැති තුනකින් ජනතාව කොළඹට පැමිණෙන බව එහි සංවිධායකයෝ පවසති. සජබ නායක සහ විපක්‍ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම විරෝධතාවයට සජබට අනුබද්ධ සංවිධාන සහ වෘත්තීය සමිති සහභාගිවීමට නියමිත බවද පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...