දේශීය පුවත්

විමල් වීරවංශ සහ ගම්මන්පිල යන අමාත්‍යයවරුන් ආණ්ඩුවෙන් එලවා දැමීමෙන් පසුව දැන් රට විකිණීම ආරම්භ කර ඇති බව ජාතික සංවිධාන කියයි. සාම්පූර් සහ මන්නාරම බලශක්ති ව්‍යාපෘති දෙකක් සඳහා ඉන්දියානු සමාගම් වලට විශාල වශයෙන් ඉඩම් ලබා දීම පිළිබඳව විමසූ අවස්ථාවේදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර ඒ බව පැවසුවේය.

මේ ඔහුගේ ප්‍රකාශය ඔහුගේම වචනයෙන්, ” ඩොලර් මිලියන 1000ක කෙටි කාලීන ණයක් නැමැති කැරට් අලය පෙන්වා බැසිල් රාජපක්ෂ මහතා බූරුවාට අන්දවා දැන් රට විකිණීම සඳහා දක්කාගෙන යනවා. ඒ තුළ උපාය මාර්ගික වශයෙන් ඉතා වටිනා භූමි ප්‍රමාණයක් ඉන්දියානු සමාගම් විසින් අත්පත් කර ගනිමින් සිටිනවා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආශ්‍රිතව අක්කර 20000ක් මන්නාරම් සුළං බල ව්‍යාපෘතිය සහ සාම්පූර් වල සූර්ය බල ව්‍යාපෘතිය සඳහා තවත් අක්කර දහස් ගණනක් ඉන්දියාව අත්පත් කර ගන්නවා. සාම්පූර් කියන්නේ ත්‍රිකුණාමල වරායේ ජනේලය කියල කියනවා. දැනටමත් වරායේ තෙල් ව්‍යාපාරය ඉන්දියාව අත්පත් කරගෙන තියෙන්නේ.

යුක්‍රේනයේ විකට නළු ජනාධිපති මේ වගේ වැඩක් කරලා තමයි ඒ රටේ ජනතාව මහා බලවතුන්ගේ යුද්ධයකට ගොදුරු කළේ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More