පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) ඉකුත්11 වැනිදා තොරතුරු අනාවරණය කළේ මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන විනාශයට පත්වූ එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමෙන් රුපියල් කෝටි 348 ක වන්දි මුදලක් අයකර ගැනීමට ඇතත් මෙතෙක් අය කරගෙන ඇත්තේ රුපියල් කෝටි පහක පමණ මුදලක් පමණක් බවයි.
එහිදී කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අදාළ වන්දි මුදල අයකර ගැනීමට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය නිසි අයුරින් කටයුතු කර නැතැයි පවසා ඒ සම්බන්ධයෙන් එම අධිකාරියේ ප්‍රධානින්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය.
නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගම සමග ගනුදෙනුවකට ගොස් පරිසර හානිය ලබා නොදී ඒ සමාගමට වාසි සහගත අයුරින් කටයුතු කළ බවට තමා චෝදනා කළ හොත් ඊට දෙන පිළිතුර කුමක්දැයි කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී විමසූ අවස්ථාවේදී සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක්ලබා දීමට අසමත් විය.
මේ කටයුතුවලදී ආයතනයේ නීති නිලධාරිනිය නිෂ්ක්‍රීයව සිටියේ ඇයි දැයි කෝප් කමිටු සභාපතිවරයා විමසා සිටි අවස්ථාවේදී අදහස් දැක්වූ නීති නිලධාරිනිය මෙම නෞකාවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ කිසිම සාකච්ඡාවකට තමා සම්බන්ධ කර නොගත් බව අනාවරනය කළාය.
නීති නිලධාරිනිය එම කටයුතු සඳහා සම්බන්ධ කර නොගත්තේ ඇයි දැයි කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතා විමසා සිටි අතර ඊට පිළිතුරු ලබාදුන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ ආයතනයේ කටයුතුවලදී එම නිලධාරිනියගේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන හෙයින් ඒ කටයුතු සඳහා දෙවැනි නිලධාරියකු පත් කිරීමට තමා කටයුතු කළ බවයි.
කෝප් සභාපතිවරයා එම ක්‍රියාව පරිපාලනමය වශයෙන් ගත් වැරදි තීන්දුවක් බව පෙන්වා දුන් අතර වැඩිදුරටත් අදහස් දැක්වූ නීති නිලධාරිනිය තමා අවුරුදු දහඅටක් තිස්සේ ආයතනයේ නඩු කටයුතුවලට සම්බන්ධවී කටයුතු කර පළපුරුද්දක් ඇති නිලධාරිනියක බව පවසා සිටියාය.
එම්.ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ කටයුතු ආයතනයේ නීති අංශයෙන් වසා සිදුකිරීම බරපතළ ප්‍රශ්නයක් බව කෝප් කමිටු සභාපතිවරයා නිගමනය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...