දේශීය පුවත්

’69 ලක්ෂයේ ජනවරම’ දුර්වර්ණ කරන ආණ්ඩුවකින් ලබාදුන් තනතුරක් දැරීම තම හෘදසාක්ෂියට අනුකුල නොවන බැවින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.

අද(14) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවැසුවේය.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද(14) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමු කරන බව ද ජානිපෙ නියෝජ්‍ය ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.

ආණ්ඩුව 69 ලක්ෂයේ ජනවරමට පිටුපෑමට මෙන්ම එම ජනවරම නිර්මාණය කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ නායකයන් දෙපළක් ජනාධිපතිවරයා සිය බලතල ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කර සිදුකර ඇති ක්‍රියාව කිසිසේත්ම පිළිගත නොහැකි වීම, එමගින් මතුව ඇති ජනතා ප්‍රසාදය සුළුපටු එකක් නොවීම, ගොවි ජනතාවගෙන් සහ සෙසු ජනකොටස්වලින් ආණ්ඩුවට එල්ල වී ඇති බලවත් විරෝධය යන කරුණු හේතුවෙන් තවදුරටත් ඉහත කී තනතුර දැරිය නොහැකි බව ද මෙහිදී නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

69 ලක්ෂයේ ජනවරම මෙන්ම පාර්ලිමේන්තුවේ 2/3 ජනවරම නිර්මාණය කිරීමට ආරම්භයේ සිට විවිධ කැපකිරීම් කරන ලද දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකයන් නොසලකා හරිමින් සාමූහික ප්‍රයත්නයකින් තොරව ඇතැම් ජාතික තලයේ තීන්දු තීරණ ගැනීම තුළින් එම පක්ෂ දේශපාලනික වශයෙන් අනාරක්ෂිත වූ බවත් සමස්ත සමාජය පුරාම එම තීන්දු තීරණ ගත් ජනාධිපතිවරයා හා ආණ්ඩුව පිළිබඳ ප්‍රසාදය වේගයෙන් අහිමි වූ බවත් ජානිපෙ නියෝජ්‍ය ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය. කාබනික පොහොර හඳුන්වාදීමේ තීන්දුව ඊට නිදසුනක් ලෙස දැක්විය හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම රටටත්, ජනාධිපතිවරයාටත් සතුරු බොහෝ අය ආණ්ඩුවේ සහ අමාත්‍ය මණ්ඩලයේ සිටින පරිසරයක් තුළ සැබෑ මිතුරන් අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීම රටත් ජනතාවත් කුමන අයුරකින් දරා ගනී දැයි පැවසිය නොහැකි බව ද නිමල් පියතිස්ස මහතා කීය. ජාතික නිදහස් පෙරමුණට මුල සිටම සතුටුවිය හැකි පරිසරයක් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ නිර්මාණය නොවූවත් තම පක්ෂය, ‘පක්ෂයට වඩා රට’ මුල් තැනට තබා දේශපාලනය කරන හෙයින් සිදුවන අසාධාරණකම් ඉවසූ බවත් ඒ මහතා වැඩිදුරටත් කීය. නිදසුනක් ලෙස අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේ දී තම පක්ෂයේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතාට කිසිදු විෂයක් ගැසට් නොකළ අමාත්‍යාංශයක් ලබාදීම ඊට එක් නිදසුනක් පමණක් බව ද නිමල් පියතිස්ස මහතා සිහිපත් කළේය.

මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ,
2022-03-14



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More