කිරුළපන ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවක් අමතමින් ජාතික ආණ්ඩුවක් රටට අවශ්‍ය නැති බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.
ජාතික ආණ්ඩුවක් බිහි කිරීමෙන් සිදුවන්නේ ඇමති ධුර බෙදා ගැනීමක් පමණක් බවත් හිටපු අගමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
කෙසේ වුවද සියලු දේශපාලන පක්ෂ එකතුව ජාතික රාමුවක් නිර්මාණය කළ යුතු බවත් ඒ හරහා ජනතා විශ්වාසය දිනාගෙන ආර්ථිකය ගොඩනැගීමක් කළ යුතු බවත් ඔහු පවසා සිටියේය. මුදල් අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා අතර ගැටුමක් නිර්මාණය වී ඇති බවත් ඒ හේතුවෙන් ආර්ථිකය පිළිබඳ නිවැරැදි තීන්දු තීරණ ගැනීමට නොහැකි වී ඇති තත්වයක් උදාවී ඇතැයිද හිටපු අගමැතිවරයා පෙන්වා දුන්නේය.
ඉන්ධන ලබා ගැනීමට ඉන්දියාව සමඟ අත්සන් තැබීමට නියමිත ගිවිසුම ප්‍රමාදවීම නිසා වර්තමානයේ ලබාගත හැක්කේ ඉන්ධන නෞකා හතක් පමණක් බවද ඔහු තවදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...