ජාතික නිදහස් පෙරමුණ පිවිතුරු හෙළ උරුමය ඇතුළු ජනහිතකාමී බලවේග විසින් “ඒකාධිපති පරගැති ඇමෙරිකානු ගැති ජන පීඩිත ආණ්ඩුවට එරෙහි පළමු වෙඩි මුරය” යන මැයෙන් සමුළුවක් මාර්තු 15 සවස 02:00ට කොළඹදී පැවැත්වෙන බවට දැක්වෙන නිවේදනයක් ‘ෆේස් බුක්’ ඇතුළු සමාජ මාධ්‍යය ජාලාවල සංසරණය වනු දකින්නට ලැබේ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ එකොළහේ කණ්ඩායමේ නියෝජිතයෙකුගෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය විමසීමක් කරනු ලැබීය. එහිදී ඔහු පවසා සිටියේ ” අපි පක්ෂ එකොලහේ කණ්ඩායම විදියට ආණ්ඩුවට විරෝධය එල්ල කිරීම දිගටම කරනු ලබනවා. නමුත් මාර්තු 15 වෙනිදා ජන රැලියක් කොළඹදී පවත්වන්නේ නැහැ. කවුරුන් හෝ අප ගත් ක්‍රියා මාර්ග වලින් කලබලයට පත් වූ අයෙක් වෙනමම ස්වයංවින්දනයක් ලැබීමේ උවමනාවෙන් කළ ක්‍රියාවක් විදියටයි අපි මෙය සලකන්නේ. අපේ කණ්ඩායමේ ක්‍රියාකාරකම් ජන රැලි ජන හමු ආදී විවිධ ස්වරූපයෙන් පවත්වා තිබෙනවා. ඉදිරියටත් ඒවා එසේ සිදුවේවි. ඒ ගැන කිසිවෙක් දෙගිඩියාවක් පවත්වා ගත යුතු නැහැ. අපගේ ක්‍රියාකාරකම් අනුමත කරන මහජනයා මෙවැනි ව්‍යාජ නිවේදන හරහා කළබල නොවී සිටින ලෙසත්, මෙවැනි පුද්ගලයන්ට අනුකම්පා කරන ලෙසත් ඉල්ලා සිටිනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...