දේශීය පුවත්

ආණ්ඩුවේ පාර්ශව අතර සාකච්ඡාවක් නොමැති වීම නිසා වර්තමාන දේශපාලන අර්බූදය ඇතිවූ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරණ ලද  ප්‍රකාශය පිළිබඳව ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් ජාතික සංවිධාන වල මතය විමසන ලදී.

මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්,

“මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන කථාව අපි 90%ක් පිළිගන්නවා, ඒත් ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුවේ අභ්‍යයන්තර සාකච්ඡාවක් නැති වීම නිසා ඇති වූ අර්බූදය සර්ව පාක්ෂික සමුළුවකින් විසඳන්නේ කොහොමද කියන එකයි. අභ්‍යයන්තර සාකච්ඡාවක් නැතිවීම නිසා ඇති වූ ප්‍රශ්නය එසේම තිබියදී බාහිර පාර්ශව එම සාකච්ඡාවට එකතු කර ගැනීම මගින් විසඳෙන්නේ කෙසේදැයි පැහැදිලි නැහැ. එතුමන්ලා රජයට යෝජනා 15 ක් ඉදිරිපත් කළා කියනව.සර්ව පාක්ෂික සමුළුව ඉන් එකක්. ඉතිරි 14 ගැන අපි දන්නේ නැහැ.ඒ නිසා පළමුව එම යෝජනා මහජනයාට ඉදිරිපත් කළ යුතුයි. දෙවනුව අභ්‍යයන්තර සාකච්ඡාවක් නැතිවීමේ ප්‍රශ්නය බාහිර පාර්ශව සමඟ සාකච්ඡාවකින් විසඳන්නේ කෙසේ දැයි පැහැදිලි කළ යුතුයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More