විරුවන්ගේ විත්තිවාචකය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වා වසර පහක් සපිරෙන අද දින ඒ පිළිබඳ ප්‍රගතිය “ලංකා ලීඩ් නිවුස්” හි දේශපාලන හා විමර්ශණ අංශය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසන ලදී. එතුමාගේ ප්‍රකාශය පහත සඳහන්වේ.
“ජිනීවා මානව හිමිකම් කොමිසම සමග හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලයේ පළමු වසරේදිම එතුමාටත් කොලේ වහල අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස රනිල් වික්‍රමසිංහ සහ නැසීගිය මංගල සමරවීර එකතුව ගෙනා සාපරාධී චෝදනාවලට පිළිතුරු ලෙස සකස්කළ විරුවන්ගේ විත්තිවාචකය වත්මන් ජනාධිපති එකළ නිලනොලත් වැඩකරු ලෙස සැළකූ ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදී වසර පහක් ගතවෙනව. විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රමුඛ රණවිරුවන් කණ්ඩායමක් තමයි එදින තිඹිරිගස්යායේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එම විත්තිවචකය ජනගත කර ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදුන්නෙ.
එතුමාම මුල්වී, වත්මන් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන්, දරුස්මාන් ආදී වාර්තාවල තිබුන කූට චෝදනා වලට පිළිතුරු දෙනුවස් යුද විශේෂඥයින් හා කෘතහස්ත රාජ නීතිඥයින් විසින් සම්පාදිත වාර්තා ආශ්‍රිතයෙන් තමයි මෙම විරුවන්ගේ විත්තිවාචකය ජේෂ්ඨ නීතිඥ දර්ශන් වීරසේකර මහතා ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක් මගින් සම්පාදනය කරේ. එමගින් රනිල් මංගල ප්‍රමුඛ යහපාලන නඩය ජිනීවාහිදී පිළිගත් යුද අපරාධ චෝදනා කදිමට නිෂ්ප්‍රභා කර තියෙනව. ඒ වගේම එහි පිළිගත් එම චෝදනා නිෂ්ප්‍රභා කරන්නේ කෙසේද කියා සඳහන් කර තියෙනව. රටේ කරුමෙට ජනාධිපතිතුමා එම වාර්තාවේ එකදු පිටුවක්වත් මේ වනතෙක් කියවා ඇති බවක් පෙනෙන්නෙ නෑ.
විත්තිවාචකය මුසම්මිල් මංත්‍රීතුමා විසින් හැන්සාඩ් ගතකරත් තවමත් මැතිඇමතිවරු කිසිවෙක් එම වාර්තාව කියවා ඇති බවක් පෙනෙන්නට නෑ. වරින්වර මැති ඇමතිවරු කරන ප්‍රකාශ වලින් ඒ බව තහවුරු වෙනව. වෝහාරික විගණන වාර්තාව හදන්න රජය රුපියල් මිලියන 300ක් වියදම් කළත් විත්ති වාචකය හදන්න, අපේ රණවිරුවන් යුද අපරාධ නොකළ බවට ඔප්පු කරන්න, රජයට සත පහකවත් වියදමක් දැරීමට සිදුවුනේ නෑ. අපට ප්‍රශ්ණයක් නෑ එම වාර්තාවම භාවිතා නොකරා කියා. නමුත් එහි, හේතු ඵල ධර්මයට අනුව, යුද අපරාධ චෝදනාවලට මුහුණ දෙන්නේ කෙසේද කියා සඳහන් කර තියෙනව. එසේ නොකර සැසියෙන් සැසිය වෙනස්වෙන දරුණුවෙන විවිධ චෝදනා වලට පිළිතුරු දෙමින් තවතවත් යුද අපරාධ චෝදනා ගොහුරුවේ ගිලෙන්න යෑම අප සියතින් ගෙල වැලලා ගැනීමක් වෙනව.
සිරිසේන ජනාධිපතිතුමා එකළ ජිනීවා ගොස් පැමිණ පැවසුව එතුමා රණ විරුවන්ව දං ගෙඩියෙන් විදුලි පුටුවෙන් නිදහස්කර ගත්ත කියල. එහෙනම් මේ මොනවද 46/1 රිසොලූෂන් එක කියන්න කියල තමයි අපට අහන්න සිද්ධ වෙන්නෙ. ඒ දිනවවලම අප එතුමා කිව්වදේ ප්‍රතික්ෂේප කළා. රනිල් මංගල ගිය ආකාරයේ බෙදුම්වාදය කරා රට රැගෙන ගියානම් අර ජපානයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකාව බයොලොජිකල් වෙපන් සෑදූ 731 කණ්ඩායමට ලබාදුන්නාවූ වර්ගයේ රැකවරණයක් ඔය කියන යුද අපරාධකරුවන්ට ලැබෙන්න තිබුන. නමුත් ත්‍රස්ථවාදය පැරදවු රජයක් පත්න වු විට නැවත මෙම යුද අපරාධ චෝදනා අවිය එසවෙනව. එමනිසයි රවිනාත ආරියසිංහ මහතා වරක් පැවසුවේ යුද අපරාධ චෝදනා හිසට ඉහලින් හීනි නූලකින් එල්ලා තබා ඇති කඩුවක් වගේ කියා.
තවදුරටත් යුද අපරාධ චෝදනාලද රණ විරුවන් නිහඬව සිටියොත් වෙන්නෙ හිරේ විලංගුවෙ වැටෙන්න තමයි. අපේ රටේ නොවෙයි, පිටරටවල. ඒ සඳහා අවශ්‍ය නීති රීති පසුගිය යහපාලන රජය සම්පාදනය කරා. එවිට අධිකරණ ඇමති වශයෙන් හිටියෙ විජේදාස රාජපක්ෂ මහතායි. එතුමා තමයි ඒ සියළු නීති සම්පාදනය කෙරෙව්වෙ. යම් යම් තාක්ෂණික හේතු නිසා 46/1 හි නිර්දේශ ක්‍රියාත්මක කරණ කමිටුවට නොහැකි වුනා මෙවර සැසිවාරයට එම වාර්තාව ඉදිරිපත් කරන්න. නමුත් දැන් එම වාර්තාව ලබන සැසියට නොව ඊළඟ සැසියෙදි, එනම් ලබන සැප්තැම්බර් මාසෙදි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනව. රජය හේතු ඵල දහම අනුගමනය නොකරණ බව පැහැදිලියි. එබැවින් තම ආරක්ෂාව තමාම සකසා ගත යුතුයි වගේ යුද අපරාධ චෝදනාලද විරුවන්ට තමුන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කරන්න සිදුවෙනව.
එය කිරීම අවාසනාවට රජය මගින්ම ඉටුකරගත යුතු බැවින් යුද අපරාධ චෝදනාලාභී සියළුම රණවිරුවන් එකතුව ඒ සඳහා රජයට බලපෑම් කරන ලෙස අප සියළුම රණවිරුවන්ගෙන් ඉල්ලා සිටිනව. ලොකු ලොකු බලය තියෙන කීපදෙනෙක් පිළිබඳව අපිට ප්‍රශ්ණයක් නෑ. අපිට ප්‍රශ්නෙ තියෙන්නෙ ඔවුනුත් රට බෙදන කුමන්ත්‍රණ වලට හසුවී ලොවේවත් නැති මධ්‍යස්ථ ඩයස්පෝරාවක් “එන්ගේජ්” කරගැනීමට යෑමයි. මධ්‍යස්ථ නොවෙයි හේතු කාරණා දන්නා දෙමළ උදවිය මේ ජිනීවා මර උගුලට විරුද්ධයි.
රජය ඔය හිතන මධ්‍යස්ථයි කියල හිතන අය නොවෙයි එවන් සැබෑ අවශ්‍යතාවයක් තියෙන එවන් දෙමළ අයටයි හරිනම් ආමන්ත්‍රණය කළ යුත්තේ. නමුත් ඔවුන් ළඟ වෙන විකල්පයක් නැහැ. ඔවුනුත් කියන්නෙ යුද අපරාධ චෝදනා වලට පිළිතුරු දිය යුතුයි, ඒවා පළමුවෙන් නිශ්ප්‍රභා කළ යුතුයි. කියලයි. වෙන වෙන ඩීල් දමා රට බෙදීමට හවුල් වීම නොවෙයි කළ යුත්තේ. එබැවින් යුද අපරාධ චෝදනාවලට පිළිතුරු දීමට රජයට බලකිරීමට යුද අපරාධ චෝදනාලාභී රණවිරුවන් හට පෙරට එනලෙස අප ඉල්ලා සිටිනව.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...