දේශීය පුවත්

අධිකරණයට අපහාස කිරීමට අදාළ නඩුව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ලබන මස 30 වැනිදා අධනදා අධිකරණය හමුවේ චෝදනා කෙටුම්පතක් ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිට නියෝග කළා.

ඒ මෙම නඩුව අග විනිසුරු ප්‍රියසද් ඩෙප් සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකාර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක කළ ප්‍රකාශය මගින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයයේ සියලු විනිසුරුවරුන් මේ වනවිට නිරීක්ෂණය කර ඇති බවයි. ඒ අනුව අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කළේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදුකළ ප්‍රකාශය මඟින් අධිකරණයට කළ අපහාසයට දඬුවම් නොකළ යුත්තේ මන්දැයි විමසා චෝදනා කෙටුම්පතක් ලබන මස 30දා ගොණු කරන ලෙසය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More