ශ්‍රී ලංකාවේ විදේශ සංචිතවල පහත වැටීමට හේතුව කොවිඩ්-19 වසංගතයට පමණක් නොවන බවට PublicFinance.lk වෙබ් අඩවිය පෙන්වා දෙයි.
කලාපීය රටවල් හා සසඳන විට වසංගතය අතරතුර විදේශ සංචිතවල පහත වැටීම සිදුවී ඇත්තේ, ශ්‍රී ලංකාවේ පමණක් වන අතර දකුණු ආසියාතික කලාපයේ අනෙකුත් රටවල විදේශ සංචිත ශේෂයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව එම වෙබ් අඩවිය වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ 2019 වර්ෂයේදී භාවිත කළ හැකි විදේශ සංචිත අමෙරිකානු ඩොලර් 7,642ක් තිබී ඇති අතර 2021 අවසානය වන විට එම අගය අමෙරිකානු 1,579 දක්වා පහත වැටී ඇති බව අදාළ වාර්තාව පෙන්වා දී ඇත.
කොවිඩ්-19 වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් මෙලෙස විදේශ සංචිත පහළ වැටීමක් සිදු වූයේ නම්, අනෙකුත් ආසියානු රටවල් ද එම පරිහානිය අත්විඳිය යුතුව තිබුණු අතර නමුත් එය සිදුවී නොමැති බව එමගින් පෙන්වා දී තිබේ.
අදාළ වාර්තාව අනුව, 2019 වර්ෂයේ සිට 2021 අවසානය දක්වා වූ වසංගතය ද සමග ගත කළ කාල සීමාව තුළ බංග්ලාදේශය 41%කින්, ඉන්දියාව 39%කින්, භූතානය 35%කින් පාකිස්තානය 33%කින් ආදී වශයෙන් කලාපීය රටවල් සිය විදේශ සංචිත වර්ධනය කරගෙන තිබේ.
එසේ වුව ද අදාළ කාල සීමාවේදී ශ්‍රී ලංකාව පමණක් 79%කින් විදේශ සංචිත අඩු කරගෙන ඇති බව එම වාර්තාව වැඩිදුරට ත් පෙන්වා දී තිබේ.
එම වාර්තාව සැකසීම සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව, භූතානය, පකිස්තානය, පිලිපීනය, මලයාසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව සහ නේපාලය යන රටවල්හි මහ බැංකු වාර්තා සැලකිල්ලට ගෙන ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...